(ඩී.ජී.සුගතපාල)
නිල්වලා ගඟේ අතු ගංගාවකට වැටුණු තම ජංගම දුරකතනය ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු ගඟේ ගිලී අතුරුදහන්ව ඇතැයි තිහගොඩ පොලිසිය පවසයි.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ කොම්පඤ්ඤවීදිය පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන මාතර තිහගොඩ බණ්ඩත්තර පදිංචි අතුල කණ්ඩම්බි(58894) නමැති 54 හැවිරිදි කොස්තාපලවරයාය.
තිහගොඩ මාගල්ගොඩ ජලාපාම්පාගාරය අසලින් ගලායන නිල්වලා ගඟේ අතු ගංගාවකට ඊයේ රාත්‍රි දහයට පමණ ඔහුගේ ජංගම දුරකතනය වැටී ඇති අතර එය ගැනීමට යාමේදි ඔහු ගඟට වැටී අතුරුදහන්ව ඇත.
සිරුර මෙතෙක් සොයාගෙන නොමැති අතර පොලිසිය පවසන්නේ ගඟේ සිටින කිඹුලෙකු විසින් ඔහු ඩැහැගෙන යන්නට ඇතැයි සැක කරන බවය.
තිහගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දිනපතා මෙවැනි ඛේදනීය සිද්ධි වාර්තා වෙනවා. මෙය ජාතික වශයෙන් වැළැක්වීමට කුමක් හෝ පියවරක් ගන්නවා නම් හොඳයයි මම සිතනවා. හොඳම දෙය මේ අනතුරු පිළිබඳව දැනුවත් කිරීම. ආරම්ඹයක් වශයෙන් එය පාසැල් විෂය මාලාවේ යම් කොටසකට මෙය ඇතුළත් කර දරුවන් මූලිකව දැනුවත් කරනවා නම් හොඳයි. තවද මෙවැනි අවස්ථාවක දී මූලික ප්‍රථමාදාර දීම, මේ සඳහා උපකාර ලබා ගැනීමට ඇති දුරකථන නොම්මර ආදිය අනිවාර්යෙන්ම කියාදිය යුතුයි. ඕනෑම ජලාශයක් මරු කැඳවන ස්ථානයක් විය හැකියයි පොදු මතයක් මහජනතාව තුළ තිබිය යුතුයි. දියුණු මොළයක් ඇති මිනිසුන් මෙවැනි අනතුරු කරගත්තාට මිනිසා තරම් දියුණු මොළයක් නැති සතුන් මෙවැනි අනතුරුවලට භාජනය වන්නේ ඉතාම කලාතුරකින්...
හරිම කණගාටුදායක සිදුවීමක්... පොලිස් නිලධාරියෙක් වෙලත් ජීවිතයක වටිනාකම දුරකථනයක් නිසා අහිමිවීම පිළිගන්න බැහැ. රෑ වෙලා වැටුණු දුරකථනය, අනිත් දවසේ ඇවිත් බලන්න තිබුණා.
අපේ රටේ ජංගම දුරකථනය තහනම් කලොත් හොඳයි කියලා හිතෙනවා. කොහේ බැලුවත් මරණයක්.