(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ මුල් මාස පහේදී රුපියල් කෝටි පන් දහස් හත් සියයක පාඩුවක් ලබා ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවැසීය .
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
උදය ගම්මන්පිල මහතා එහිදී මෙසේද කීය.
මේ ආයතනය පාඩු ලබන ප්‍රධානම හේතුව හේතු කීපයක් තිබෙනවා. අපි ඩීසල් වික්කෙ රුපියල් දාහතරක් පාඩුවට.වැඩි මිලට අරගෙන අඩු මිලට දෙන නිසයි පාඩු ලබන්නේ. ඉඳලා මිල වැඩි කළාට පසුව අඩුම ඉන්ධන මිල ඇති රටක් ලෙස අපි දෙවැනි වන්නේ පාකිස්තානයට පමණයි.ලෝකයම ගත්තත් අපි අඩුම ඉන්ධන මිලක් තියෙන රටක්.
අපේ අය ඩොලර් වලින් ණය ගත්තා.ඩොලරයේ මිල වැඩි වෙද්දී අපි ගෙවන්න ඕන පොලිය වැඩිවෙනවා.රුපියල පිරිහීමේ අගය අපිට ගළපන්න සිද්ධ වෙනවා. රුපියල් බිලියන 80ක් පමණ රුපියල පිරිහීම නිසා අපිට පාඩු වුණා . සොරකම් ගැන තොරතුරු නිශ්චිත තිබේ නම් තිබේනම් මට දන දැනුම් දෙන්න .ඒ අයට තරාතිරම නොබලා දඬුවම් කරනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් අයවිය යුතු හිඟ මුදල් අය කර ගැනීමට පියවර ගෙන තිබෙනවා.ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 2.2 ක භාණ්ඩගාර බැඳුම්කර ලබා දී තිබෙනවා.ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය අර්බුදය විසඳීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අගමැතිවරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත්කරනු ලැබ තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් ණයට පෙට්‍රල් ගැහුවේ නැහැ...
මෙයත් වැඩ බැරි සර් කෙනෙක් බව නිතරම පෙන්වනවා.!!! කයිය ගහලා වැඩක් නැහැ. ළඟදි දොට්ට බහින්න ඉන්න කෙනෙක් මෙවැනි දේවල් කියන එක ස්වභාවිකයි. අනිත් අයට බැනලා වැඩක් නැහැ. තමන්ගේ වැඩටික හරියට කරගෙන ලාභ උපද්දවන්න බැරි නම්..!!!
වගකිව යුත්තේ 1965 සිට අද දක්වා රට පාලනය කළ දේශපාලකයිනුයි.
මගෙත් ඇති ගාණක් ගෙවන්න.. ණයට ගහපු තෙල් වලට, ඒක ගෙව්වම හරියයි. මුන්නැහේ කලින් විපක්ෂයේ ඉන්දැද්දී කතා කලේ කොහෙන්ද?
මාර කතාවක්නේ... අපි ණයට තෙල් ගැහුවේ නෑනේ..!!!
ලෝකයේ පැට්‍රල් විකුණලා පාඩුවෙච්ච එකම කම්පැණි එක වෙන්න ඇති. අනිත් පැට්‍රෝලියම් කම්පැනි ලාබ ලබනවා.
මේ සිදුවී ඇතැයි කියනා පාඩු පරිපාලනයේ වරදින් සිදුවූ දේවල් බව තමයි පෙනීයන්නේ... ජනතාවට නිකං තෙල්, පෙට්‍රල් දෙන්නේ නැහැ. එවෙලේම සල්ලි ගන්නවා. මේ අයට හරිහැටි කටයුතු කරගැනීමට බැරි වුණාම ඒක නොකියා කියන්නේ වෙන වෙන දේවල්...
ඉස්සෙල්ලාම මේ මුදල් ගැන බොරු ප්‍රචාරයක් පතුරවනවා. ඊටපස්සේ ඒ මුදල් තම තමන්ගේම ගිණුමට තැන්පත් කරගන්නවා. මරු උපාය..