
(යොහාන් භාසුර)
රට තුළ මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමිවූ කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් ලක්‍ෂ 3 ක් රුපියල් 2000 දීමනාව ලැබීමට සුදුසුකම් ලබා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.
මීට පෙර නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ අවස්ථාවේදී රජය ලබාදුන් රුපියල් 5000 දීමනාව කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 450,000 ක් පමණ ලබාගත් ද මෙවර සමෘද්ධි, වැඩිහිටි සහ ආබාධිත ආදි වෙනත් දීමනා ලබන පුද්ගලයන් ඉවත්කර ඇතැයි ද කී ප්‍රදීප් යසරත්න මහතා වෙනත් කිසිඳු දීමනාවක් නොලබන පුද්ගලයන් පමණක් 2000 දීමනාව ලැබීමට සුදුසුකම් ලබන බවත් සඳහන් කළේය.
‘කොවිඩ්’ වයිරසය පළමුවෙන්ම හදුනාගත් කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 558,000 ක් තුළ ලක්‍ෂ 24 ක ජනතාවක් වෙසෙන බවත් කොළඹ නගර සභා සීමාව තුළ පමණක් ලක්‍ෂ හයක පමණ පිරිසක් ජීවත් වන බවත් ප්‍රදීප් යසරත්න මහතා කීය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ.... ගෙදරට අවශ්‍ය හැමදේම ගන්න පුලුවන් අපිට දැන්... පොඩි අයට බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ මින් පස්සේ... පරිස්සමින් පාවිච්චි කරන්න ඕනෑ..
ඔය රුපියල් 2000 දවසකටද? නැත්තම් මුළු මාසයටමද?
ලැජ්ජාවක් කියල දෙයක් නැද්ද දෙදාහක් දෙන්න උත්සව පවත්වන්නේ
ජපානයේ එක් පුද්ගලයෙකුට රුපියල් 100,000 බැගින්ම ආදායම හෝ වෙනත් කිසිම දෙයක් නොබලා සැමට ලබාදුන්නා. ගෙදර 5 දෙනෙක් නම් ලක්ෂ 5 ක්... දුන්නේ ජනතාවගේම සල්ලි නිසා උත්සව නැහැ. පුරවැසියන්ගේ බැංකු පොතට දාලා තිබුණේ...
ඇයි කොළඹට ජනතාවට එක (පවුලකට) විතරක් රුපියල් 2000 ක් දෙන්නේ? ශ්‍රී ලංකාවේ ඉන්න අනිත් ජනතාව ලංකාවේ මිනිස්සුන් නොවේ ද? රුපියල් 2000 ක්???
කවුරු කාට 2000 දෙනවාද කියා හිතා ගන්න බැහැ. දෙදෙනාම ආධාරය ගන්න හෝ දෙන්න කාර් කොහේ නවත්වලා ආවද දන්නේ නැහැ නේද ?