
(ආනන්ද ඉ ජයකොඩි)
නිට්ටඹුව මාතලානේ කසිප්පු අලෙවි කරන කාන්තාවකගෙන් කප්පම් ගත් බව කියන යුද හමුදා බුද්ධි නිලධාරීන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි.
නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ ඕ පී අබේරත්න මහතාට ලැබුඹු තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකින් පසු බුද්ධි නිලධාරීන් සිව් දෙනා අත් අඩංගුවට ගත් බවද පොලීසිය කීය.
නිට්ටඹුව පොලිස් වසමේ කසිප්පු අලෙවි කරන්නන් ගේ නිවාස වලට ගොස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් දහස් ගණනින් කප්පම්ගෙන ඇතැයි පොලිසිය කියයි.
කසිප්පු වැරදි සම්බන්ධයෙන් උසාවියේ නඩු පැවරීමක් නොකිරීම සඳහා යැයි කියමින් කසිප්පු අලෙවි කරන්නන් ගෙන් එසේ කප්පම් ලබා ගෙන ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd