(මනෝජ් හර්ෂික)
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ දින නියමයකින් තොරව වසා දැමීමට පාලන අධිකාරිය අද (30) තීරණය කර ඇත.
විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය පිරිසකගේ අත්තනෝමතික කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් අනෙකුත් ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශ්වවිද්‍යාල පාලන අධිකාරිය මෙම තීරණය ගෙන තිබේ.
විශ්වවිද්‍යාලයට අයත් සියලුම නේවාසිකාගාර අද(30) පස්වරු 2.00 පෙර වසා දමන බැවින් සිසුන්ට ඒවායින් ඉවත්වන්නැයි බලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉගෙනගන්න ඇවිත් අනිත් එවුනුත් අනාථ කරන කාලකන්නි අස් කරලා දමන්නේ නැත්තේ ඇයි. කිසිම පවක් නැහැ. නිදහස් අධ්‍යාපනයේ සිදුරක් තියෙනවා.
රටේ උද්ගතව තිබෙන අනාරක්ෂිත තත්වය සැලකිල්ලට ගෙන කැලණිය සරසවි භූමියේ සීසීටීවී කැමරා පද්ධතියක් සවිකිරීමට පාලනාධිකාරිය ලබාගත් තීරණයට විරුද්ධ වී සරසවියේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් පිරිසක් ඇති කළ කලහකාරී විරෝධයෙන් පසුකැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨයන් දින නියමක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය කටයුතු කර තිබේ.
ආරක්ෂාවට වඩා රැග් එකේ තෙල බෙදිල්ල වැදගත් සහරන් මල්ලියේ...
කැමරා සවිකරන්න සිසුන්ගේ කැමැත්ත අකමැත්ත ඕනෑ නෑ. මේක කරන්න තිබ්බේ ගොඩක් ඉස්සෙල්ලා...
මේ වගේ අය පක්ෂවල නායකයන් වුණාම ත්‍රස්තවාදීන්ට නාමයෝජනාත් දෙයි...
කැමරා දැම්මාම එයාලා කරන අනික් නොහොඹිනා වැඩ එළිවෙනවනේ. සීසීටීවී කැමරා දානවට විරුද්ධ අයව හදිසි නීති පනත යටතේ අත්අඩංගුවට ගන්න පුලුවන් නම් හොඳයි. සුලු පිරිසකගේ විකාර වුවමනාවලට ඉඩ දෙන්න කාලයක් නෙමෙයි මේක.
උගත්කම සහ බුද්ධිමත්කම අතර වෙනස ඔය යක්කු පාස් අවුට් වෙනකන් විතරයි. ඔය රැඩිකල් පාර්ට් ඔක්කොම ඩිග්‍රිය ගහලා කම්පැනියක ඩිරෙක්ටර් කෙනෙක් එහෙම වුනොත් ඔය අය සේවකයින්ගේ ටොයිලට් වල පවා සී.සී.ටී.වී. හයිකරනවා..
ඔය ශිෂ්‍ය ව්‍යාපාරේ මර්ධනය කරයි කියන බයට නෙමේ...