(රංජන් කස්තුරි)
කැලණිය විශ්ව විද්‍යාලයීය පරිගණක හා තාක්ෂණ පීඨයේ උද්ගත වී තිබූ ගැටළුවලට විසඳුම් ලබා දී තිබෙන බව එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය සඳහන් කරයි.
එම පීඨයේ පවතින ගැටළු පිළිබඳව සොයාබැලීම සඳහා උපකුලපතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කළ අතර එහි නිර්දේශ සලකා බලා විසඳුම් ලබාදුන් බවද කැලණිය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය පවසයි.
ඒ අනුව පරිගණක හා තාක්ෂණ පිඨයේ සිසුන්ට නැවත විභාගවලට මුහුණදීමට අවස්ථාව තිබෙන බවද කැලණිය විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය කියයි.
පරිගණක හා තාක්ෂණ පීඨයේ පවතින ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ඉකුත් දා සිසුහු විරෝධතා මාලාවක් දියත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔය විශ්ව විද්දීයාලේ විද්‍යාලංකාර පිරිවෙන විදියට තිබ්බනම් රේරුකානේ නායක හාමුදුරුවෝ කීවා වගේ ධර්ම ධර විනය ධර බික්සුන් වහන්සේලා ටිකක් බිහි කරන්න තිබුනනේ. දැන් වැඩේ අනාගෙන නහයෙන් අඬනවා.