IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කොරෝනා අවදානමක්:කොළඹ හදිසි අනතුරු අංශයේ එම්.ආර්.අයි සහ සීටී ස්කෑන් නවතී

(විනීතා එම් ගමගේ)

ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණවේදීන් 13දෙනකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වීම නිසා හදිසි අනතුරු අංශයේ එම්. ආර්.අයි සහ සීටී ස්කෑන් අංශ වසා දමනු ලැබ ඇත.

මේ වනවිට දිවයින පුරා රජයේ ‍රෝහල්වල සේවය කරන විකිරණවේදීන් 18 දෙනෙක් කොවිඩ් 19 වයිරසයට ගොදුරුවී ඇතැයි ද එයින් 13 දෙනෙක්ම ජාතික රෝහලේ විකිරණවේදින් වන බව ද විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්‍ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකිර්ති ඈපා මහතා ලංකාදීපයට පැවැසීය.

මේ වනවිට ජාතික රෝහලේ විකිරණ ශිල්පී අධිකාරිවරයා ද මෙම රෝගයට ගොදුරුව සිටින්නේ යැයි කී ඈපා මහතා විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අවශ්‍ය ප්‍රමාණයෙන් මේ වනවිට රෝහල්වල සිටින්නේ සියයට පණහක ප්‍රමාණයක් බවත් පවතින තත්ත්වය තම සේවාව දැඩි අර්බුුදයකට යොමු කරමින් පවතින බවත් ප්‍රකාශ කළේය.

රජයේ සේවයේ ගැබිණි මවුවුරුන් සේවය නොකැඳවන ලෙස සඳහන් චක්‍රලේඛයක් පවා නිකුත්ව තිබියදී පොලොන්නරුව ‍රෝහලේ සේසවය කරන ගැබිණි විකිරණ තාක්ෂණවේදිනියකට සේවයට එන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා බල කර තිබුණු බව ද හෙතෙම සඳහන් කළේය.

තම සේවාවට බලපා ඇති අර්බුදය පිළිබඳව සාකච්ඡාවකට පවා බලධාරින් මඟහරිමින් සිටින බව පෙනී යන බ වත් සෞඛ්‍ය සේවාව කඩා නොවැටී පවත්වා ගැනීමට නම් ඉක්මණින් තම සේවාවේ ප්‍රශ්නවලට ද පිළිතුරු සෙවිය යුතු බව ත් ඔහු කියා සිටියේය.

 



අදහස් (0)

කොරෝනා අවදානමක්:කොළඹ හදිසි අනතුරු අංශයේ එම්.ආර්.අයි සහ සීටී ස්කෑන් නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site