(මනෝප්‍රිය ගුණසේකර)
නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීලට් වසන්ත කරන්නාගොඩ සහ රියාද් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම වළකාලමින් ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර තිබේ.
කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් මොවුනට එරෙහිව චෝදනා ගොනු කර ඇත.
වසන්ත කරන්නාගොඩ සහ ඩී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දේශපාලන බලපෑම් මත නඩු පවරනු ලැබ ඇතැයි යන කියන කාරණය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ කොමිසම එලෙස නියෝග කර ඇත.
2015 ජනවාරී 08 වැනිදාත් 2019 නොවැම්බර් 16 වැනිදාත් අතර කාලය තුළ සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්‍ෂා කොට කොට තොරතුරු ලබාගැනීම සඳහා පත් කළ මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයින් වශයෙන් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න (සභාපති) විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කරයි.
වසන්ත කරන්නාගොඩ සහ ඩී.කේ.පී. දසනායක යන මහත්වරුන් විසින් පසුගිය 22 වැනිදා පළමු පැමිණිල්ල වශයෙන් මෙම සිද්ධිය කොමිසමට පැමිණිලි කර ඇති අතර පසුගිය 23 වැනිදාම ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ කොමිසම දේශපාලන බලපෑම් මත ඔවුන්ට එරෙහිව නඩු කටයුතු ආරම්භ කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොමිසමේ දැඩි අවධානයට යොමු කර ඇත.
COMMENTS
මොන විහිලුවක්ද මේ?
අනේ අර අසරණ ළමයි 12 දෙනා, මෙතන දේශපාලන පළිගැනීම වෙලා තියෙන්නේ ඒ දෙමාපියන්ට, මහජන මුදල් වලින් සැප ගන්නවා.. කොමිෂන් සභාවක් අටවන් ඉන්නවා.
මිනි මරුවෝ නිදහස්................
ලැජ්ජයි....................
අධිකරණය සවාධීනයි කියලා අපි හිතුවේ..
කොමිසමේ ඉන්න විනිසුරුතුමෙක්ගේ පසුගිය ක්‍රියාකලාපය ගැන ප්‍රශ්නයක් තියෙනවා නේද? අර සරත් සිල්වා අගවිනිසුරු හැටියට සහ චන්ද්‍රිකා ජනපති කාලයේ... ඇයි කවුරුවත් මේක අහන්නේ නැත්තේ...
විහිළු කරනවද? ජනාධිපති පරීක්ෂණ කොමිසමක් කොහොමද උත්තරීතර අධිකරණයට නියෝග දෙන්නේ? කවුද මේ කේවට්ට උපදෙස් දෙන්නේ? අර හොර ලියකියවිලි ඉදිරිපත් කරලා ඇමරිකන් පුරවැසියෙක්ව ඡන්දෙට දාපු, 35 වගන්තිය වැරදියට ගලපලා නඩු වීසි කළ නීතිඥයද? නාවික හමුදාවට විරුද්ධ මේකේ නඩුව වෙනම කතාවක්. යුද්දෙ කාලේ වෙච්ච දෙයක් සාමය තියෙන කාලේ අහනකොට ඒ කාලේ තිබ්බ පරිසරය බලන්න ඕනේ. අනික එල්ටීටී එකට ළමා සොල්දාදුවෝ හිටපු එක ලෝකෙම දන්නා දෙයක්. කප්පම් කතාව පස්සේ දාපු එකක් මම දන්නා විදිහට. ජූරියකුත් ඉල්ලන්න පුළුවන්. මම මේ ගැන කාලෙක ඉඳන් ලියලා තියෙනවා. නමුත් ජනාධිපතිවරයා මේ විදිහට අධිකරණයට ඇඟිලි ගැසීම ඉතාම තදින් හෙළා දැකිය යුතුයි. ඔහුට කිසිම බලයක් හෝ අයිතියක් නැහැ උත්තරීතර අධිකරණයට එක එක කොමිසම් සහ පුද්ගලයන් හරහා බලපෑම් කරන්න. වෙන තැනක දැක්කා මේ නියෝගය දීලා තියෙන්නේ නීතිපතිට කියල. එහෙනම් ඒකාබද්ධ විපක්ෂයේ පහුගිය කාලේ නඩු දමලා තිබ්බ සියලු මන්ත්‍රීවරු මේ කොමිසමට පැමිණිලි කළයුතුයි තමන්ටත් මේ අයිතියම දෙන්න කියලා.
මේ රටට නීතිය සහ අධිකරණය අවශ්‍ය නැහැ වගේ.
දේශපාලන බලපෑම මත හෝ වෙනත් බලපෑමක් මත හෝ නඩුවක් පවරුවා වුනත් අධිකරණයේදී නීතිපති ඒ නඩුව ඔප්පු කල යුතයි නේ. අධිකරණය ඇස් පියාගෙන නඩු විනිශ්චය කරනවා නෙමෙයිනේ. චුදිතයන්ට ඕන තරම් අවස්තාව තිබෙනවා තමන්ගේ නිවැරදිබව කියා පාන්න. දේශපාලන බලපෑමක් ගැන කියලා අධිකරණයට මෙහෙම නියෝග දීමම අධිකරණයට ඇඟිලි ගැසීමක් නොවේද? එක දෙයක් පැහැදිලියි. රන්ජා පිට දමා කුඩු මදලාලිලා බේරාගන්නේ යම් සේද, කල්පිත දේශපාලන බලපෑමක් පිට දමා චුදිතයන් බේරාගැනීමයි මේ සිදුවෙන්නේ.
කැකිල්ලේ ආණ්ඩුව මේක. කාල වරෙන් පුතා.
මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම විහිලුවක් වෙලා. ආපුදා ඉඳලා හැමදේකින්ම අසමත්. තවම එළවලු හාල් මිලවත් පාලනය කරගන්න බැරිවෙලා. ජනතාවට දෙයියන්ගේම පිහිටයි