IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කුරුණෑගල බාලිකා විදුහලක් වසාදමයි

( පුෂ්පකුමාර ජයරත්න )

කුරුණෑගල බාලිකා විදුහලක සිසුවියකගේ මුළු පවුලම කොරෝනා  ආසාදිතයන් බවට වාර්තා වීම සැලකිල්ලට ගෙන අනෙක් සිසුවියන්ගේ සහ ආචාර්ය මණ්ඩලයේ ආරක්ෂාව වෙනුවෙන් එම පාසල හෙට (11) සිට ලබන අඟහරුවාදා (15) දින තෙක් වසා දැමීමට වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා පියවර ගෙන ඇත.

එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුවියකගේ පියා කුරුණෑගල නගරයේ එළවළු ව්‍යාපාරිකයෙකු වන අතර මීට සතියකට පමණ ඉහතදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත. පසුව කරන ලද පීසීආර් පරීක්ෂාවකදී එම පවුලේ සාමාජිකයන් 06 දෙනෙකුටම වෛරසය ආසාදනය වී ඇති බව අද තහවුරු වී ඇත.

මෙම ව්‍යාපාරිකයාගේ බිරිඳ මෙම පාසල ආරම්භ කිරීමට පෙර පවත්වන ලද ශ්‍රමදානයකටද සහභාගි වීම හේතුවෙන් එදින ශ්‍රමදානයට සහභාගි වූ ගුරුවරු 21 දෙනෙක්ද මේවනවිට ස්වයං නිරෝධායනයට යොමුකර සිටිති.



අදහස් (4)

කුරුණෑගල බාලිකා විදුහලක් වසාදමයි

Chandima Thursday, 10 December 2020 03:48 PM

අර මොකක්ද හංගගෙන මොකෙන්ද ගහනවා වගේ නැතිව සම්පූර්ණයෙන්ම පාසලේ නමත් එක්ක දාන්න.

:       0       8

ranjith Friday, 11 December 2020 12:41 AM

දැන් පාසල් පොකුරු තමයි.

:       0       7

කපිල Friday, 11 December 2020 09:15 AM

එක්කෝ මලියදේව, නැත්නම් කොන්වන්ට් ඉස්කෝලේ නම කීව කියල ඒකට අපහාසයක් වෙන්නේ නෑ.

:       0       4

Hendriksinngo kurunegala. Saturday, 12 December 2020 09:58 AM

චමින්ද මහත්තයෝ, ඔබතුමා හරි.... රට යන විදිහට මෙවා මොනවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site