
දකුණු කොරියානු නිලධාරියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිමි ජොන් උන් මහතා පෞද්ගලිකව සමාව ඉල්ලා ඇති බව දකුණු කොරියානු බලධාරීහු පවසති.
දකුණු කොරියානු ජනාධීපති මූන් ජේ වෙත යවන ලද ලිපියකින් මෙලෙස සමාව ඉල්ලා ඇති බව සඳහන් වන අතර මෙය දුර්ලභ සිදුවීමක් බවද සෝල් පාලන අධිකාරිය පවසයි.
ධීවර දෙපාර්තමේන්තුවේ සේවය කළ මෙම නිලධාරියා දේශ සීමාව ආසන්නයේ මුර සංචාරක බෝට්ටුවකින් ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ අතර වෙඩි තබා ඝාතනය කර පුළුස්සා තිබූ ඔහුගේ සිරුර මුහුදේ පාවෙමින් තිබියදී සොයාගනු ලැබිණි.
එය නින්දිත ක්‍රියාවක් බවත් ඒ සම්බන්ධව තමා බලවත් ලෙස කනගාටු වන බවත් කිම් මහතා පවසා තිබේ. මූන් මහතා ඇතුළු දකුණේ ජනතාවට ඇතිවූ කලකිරීම ගැන සමාව ඉල්ලා සිටින බවත් ඔහු එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සිද්ධිය සම්බන්ධව සිදුකළ පරීක්ෂණයේ ප්‍රතිඵල ද උතුරු කොරියාව විසින් දකුණට එවා ඇත. උතුරු කොරියානු මුහුදු සීමාවට ඇතුළු වූ අනන්‍යතාවය හෙළිකිරීමට අපොහොසත් වී පලා යෑමට උත්සාහ කළ පුද්ගලයකුට වෙඩි ප්‍රහාර 10කට වැඩි ප්‍රමාණයක් එල්ල කළ බවට එම වාර්තාවේ සඳහන් වන්නේ යැයි දකුණු කොරියාවේ ජාතික ආරක්ෂක අධ්‍යකෂ සුයි හූන් පවසයි.
කෙසේ වුවද සිරුර පිළිස්සුවේ නැති බවට උතුරු කොරියාව අවධාරනය කර තිබේ. ඔවුන් පවසන්නේ එම පුද්ගලයා රැගෙන ගිය පාවෙන උපකරණය පමණක් පිළිස්සූ බවයි. උතුරු කොරියාව පවසා ඇත්තේ එය රෝග වැළැක්වීමේ පියවරක් ලෙස සිදුකළ බවයි.
නිරායුධ සිවිල් වැසියකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනතාව කෝපයට හා කම්පනයට පත්ව සිටින බවත් ඔවුන්ට එය පහසුවෙන් අමතක කළ නොහැකි වනු ඇති බවත් මාධ්‍ය වාර්තා කර තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
169
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2059
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කිම් දකුණු කොරියාවෙන් සමාව ඉල්ලයි
Perera Saturday, 26 September 2020 08:53 AM
ඔන්න අපිටත් ආදර්ශයට ගන්න පුළුවන් ක්‍රමවේදයක්...