









ලෝක කම්කරු දිනය අදට යෙදී ඇත. එහෙත් රටේ පවතින කොරෝනා වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙවර ශ්‍රී ලංකාවේ කිසිදු පක්ෂයක් මැයි දින සැමරුම් උත්සව සංවිධානය නොකළ අතර කොළඹ හා තදාසන්න්න ප්‍රදේශවල කම්කරුවෝ සුපුරුදු පරිදි අදත් (01) සිය රාජකාරි වල නිරතවන ආකාරය දැකගන්නට ලැබිණි.
එදා ධනේෂ්වර පංතියට එරෙහිව කම්කරු පිරිසක් පැය 8 කට තම වැඩමුරය සීමා කරන ලෙස ඉල්ලමින් 1988 මැයි 01 වැනි දා චිකාගෝ නුවරට එක්වූහ. එම වැඩවර්ජනයේ දී කම්කරුවන් 4 දෙනෙකු මිය අතර තවත් කම්කරු නායකයින් අත්අඩංගුවට පත් විය.
එම අරගලයේදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද මිය ගියහ. එම කම්කරු අරගලයේ කම්කරු අයිතීන් වෙනුවෙන් රුධිරය වැගිරූ තම සගයින් සාදාතනිකව සිහිකිරීමට 1889 වසරේ රැස්වූ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළේය. ඒ අනුව සෑම වසරක මැයි 01 වැනි දා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්විය.
ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය. 1956 දී මැයි දිනය ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස නම් කර තිබේ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
COMMENTS
අඳුරු කුටිය තුල - දොරගුළු ලාගෙන, ගයන ගීතිකා – යදින යාතිකා දෙවියන් හට නෑසේ… ඒ…දෙවියන් හට නෑසේ පොළව කොටන තැන – පාර තනන තැන ගිනියම් අව්වේ – මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ… දෙවියෝ වැඩ ඉන්නේ… බලන් කඩතුරා හැර දෑසේ.. බලන් කඩතුරා හැර දෑසේ..
ජාතියේ මුර දේවතාවුන් ... අපේ ප්‍රමාණය !!!
අපිට බැරි වැඩ මෙ...?
නවසීලන්තයේ මැයි 01දා ලෝක කම්කරු දිනයක් සමරන්නෙ නැහැ...
ඔය කර ගහ ගෙන යන මුට්ටවල තියෙන්නේ තවත් මිනිසෙක් ජීවත් කරවීම සඳහා කන ආහාර වර්ගයි . ඔබ සියලු දෙනාටම හස්තියෙකුට ඇති දිරිය ඇතිවේවා. අපිට මතක හැටියට කම්කරුවා ගැන කතා කරකර , රතුපාට කොඩි එල්ලගෙන , රතුපාට තොප්පි දාගෙන ඉදරියෙන් ගියේ කම්කරුවාගේ පිටේ නැගල හිටපු ආත්මාර්ථකාමී පිරිසක් . දැනුත් එහෙම දේශපාලුවන් පාර්ලිමේන්තුවේ ඉන්නව.... ඉදිරියටත් ඒවි. ඔවුන්ගෙන් පරෙස්සම් වෙලා ඉන්න මේ වෙලාවේ ඇති වෙලා තියන ව්යවසනේ දුරු කරන්න ඔබතුමාලා අව්වේ වැස්සේ දරන වෙහෙස කොපමණ අගය කල යුතුද ?
ධනේෂ්වර පන්තියට එරෙහිව කම්කරුවන් පිරිසක් චිකාගෝ නුවරට රැස්වුනේ 1988 මැයි පළමුවෙනිදා නොවේ. නිවැරදි කරමුද?