(අජන්ත කුමාර අගලකඩ)
විදේශ ණය ගෙවීමට සංවර්ධන බැදුම්කර හරහා රාජ්‍ය බැංකුවලින් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 1600ක් ගැනීමේ යෝජනාවට තමා දැක්වූ විරෝධය කැබිනට් තීන්දු වල සඳහන් නොවීම සම්බන්ධයෙන් විදුලිබල බල ශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අද (07) පැවැති කැබිනට් රැස්වීමේදී විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.
විදේශ ණය ගෙවීමට රාජ්‍ය බැංකුවලින් මුදල් ගැනීම සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා ගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී දැඩි විරෝධය පළ කර තිබිණි.
තමාගේ විරෝධය කැබිනට් සටහන්වලට සඳහන් කරන්නැයි කරුණානායක මහතා ගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී ඉල්ලීමක් කර තිබිණි.එහෙත් එය කැබිනට් සටහන්වල සඳහන් වී නොමැති බව පවසමින් අද (07) පැවැති කැබිනට් රැස්වීමේදී ද ඔහු විරෝධය පළ කර තිබිණි.
එහිදී අදහස් දක්වා ඇති සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් මණ්ඩලයේ දී දක්වන විරෝධය කැබිනට් සටහන් වල සඳහන් කරන ක්‍රමවේදයක් නොමැති බව පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන ආණ්ඩුව අවුරුදු තුනහමාරක් කරද්දීත් අනුන්ගේ ණය ගෙව්වා මිසක් කරපු දෙයක් නැහැ. නව රනිල් රජයත් නැවතත් ණය ගෙවනවා. ණය ගෙවනවා මිසක් වෙන කිසිම වැඩක් නම් කරන බවක් පේන්න නැහැ. මෙහෙම ගියොත් ඉදිරි මැතිවරණවලදී ජනතාව ඕවා අහන එකක් නැහැ...
හැමදාම .යූ.එන්.පී. යත් රටත් අවුල් කළේ මෙයා තමයි ඉක්මණින් මෙයා ගැන හිතන්න..
හරි හරි... දැනුයි අපට තේරෙන්නේ මෙයා අවංකයි බව පෙන්නන්න විරුද්ධ වෙලා ඒක පත්තරේ වැටිලා නැහැ.. අර පිනට ලැබුණු ගේ ගැන නම් මතක නැහැ. විරුද්ධ වුණු එක අඬබෙර ගහලා නැහැ කියලා මතකයි. අනේද කියන්නේ අපි නොදන්න අවංකයි.. නොදකින්...
තව මොන මගඩියක් කරන්න හිතේ තියාගෙන ඉන්නවද දන්නේ නැහැ. මේ ගොයියා ගැන පරිස්සමින්... අන්තිමට ගෙදර උන්දෑගෙන් අහන්න කියාවි...
විදේශ ණය ගෙවීමට සංවර්ධන බැදුම්කර හරහා රාජ්‍ය බැංකුවලින් මුදල් සොයනවා යයි කියන්නේ, දැනට තියෙන නය ආපසු ගෙවීම සඳහා නැවත ණය ගන්නවා කියන එකයි. මේ විදියට දැන් කරන්නේ ණය රෝල් කරමින් ආර්ථිකය ඉදිරියට ගෙන යන අතර, සංවර්ධන කටයුතු සඳහා මුදල් හිඟ වීමයි. මේ තත්වයට එක් ප්‍රධාන හේතුවක් නම්, අපේ ඇති ආනයන/අපනයන පරතරයයි. අද අපි රටක් හැටියට උපයනවාට වඩා වියදම් කරන ජාතියක්. මෙයට රජය මෙන්ම මහජනයාත් වග කිව යුතුයි. උදාහරණයක් ලෙස, මේ තත්වයෙන් ගොඩ ඒමට නම් අපි ලෝක වෙළෙඳපොලින් ඉන්ධන ආනයනය කරන මුදලට සරිලන සිල්ලර මිලක් ගෙවීමට පුරුදු විය යුතුයි.
පෙර ග්‍රහ මණ්ඩලයේ වැදගත් තැනක් වූ ධනස්ථානය බාරව සිටියේ රවී ග්‍රහයාය. ග්‍රහයා ගෙන් සිදුවූ යම් හේතුන් නිසා රවී ග්‍රහයා ග්‍රහ මණ්ඩලයෙන් එලියටම විසිවී අසරණවිය. පසුගිය ඔක්තෝබර් අවසානයේ අනපේක්ෂිතව හදිසියේ සිදුවූ සිදුවූ ප්‍රබල ග්‍රහ සලිත වීමත් සමග ග්‍රහ මණ්ඩලයෙන් විසිවිගිය රවී ග්‍රහයාට වෙනත් තැනක් ලැබිණි. ධනස්ථානය බාරව කටයුතු කිරීමට ඔහු හැර වෙනත් අය සිටින අවස්ථාවක නැවත නැවත ධනස්ථානයටම ඉල්ලා සිටින්නේ ධනය බලය වේ යයි කියා සිතාගෙන විය යුතුය. කෙසේ වෙතත් ලද දෙයින් සතුටු නොවන රවී ග්‍රහයා විසින් කරනලද, කියනලද බොහෝ දේවල් ග්‍රහයාටම අමතකවී තිබු බව මුළු රටටම පෙන්වා ඇති නිසා නැවත ධනස්ථානය නම් ඔහුට නොලැබෙනු ඇත.
වැඩිම විදේශ විනමය අපිට අහිමි වෙන්නේ අධ්‍යාපන කටයුතු වලට. අන්තරේට පින්සිද්ධ වෙනඩ උසස් අධ්‍යාපනය ලංකාවේ දෙමව්පියන්ට සහ ළමයින්ට එපා කරවලා තියෙන්නේ. පිටරටවල ඉදලා මිනිස්සු සල්ලි එවන්නේ නැහැ. කෙලින්ම සල්ලි ළමයින්ගේ අධ්‍යාපනයට වෙන රටවලට යවනවා. තවත් දෙමව්පියි දේපල විකුණලා ළමයින්ව වෙනරටවලට යවනවා. මේවට ප්‍රයිවට් කැම්පස් එපා කියන අමනයෝ වගකියන්ඩ ඕන ...