ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට කැමැති වුවත් කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීමට තමන් කැමැති නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා කොළඹදී පැවැසීය.
“ජාතික ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාව වගේම කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීම ද දුෂ්කර එකක්. අනවශ්‍ය ලෙස කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි නොකළ යුතුයි. එය තමයි මගේ මතය” යැයි ඉරාන් වික්‍රමරත්න මහතා කීය.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මාර්ගයෙන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් වික්‍රමරත්න මහතා එම කරුණු සඳහන් කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා එහිදි මෙසේ ද සඳහන් කළේය.
“ එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ වෘත්තියෙන් හෝ ව්‍යාපාරවලින් ඉවත් විය යුතුයි.
ඔබ කැබිනට් අමාත්‍යවරයෙක් නම් ඔබ ව්‍යාපාරවලින් සහ ඔබේ වෘත්තියෙන් ඉවත් විය යුතුයි. එයයි මගේ මතය. ඒ වගේම ස්වාධීන විය යුතුයි. සමාජයේ බොහෝ අංශවල තීරණ ගැනීමට අපි සම්බන්ධ වෙලා සිටිනවා. ඒ නිසා ස්වාධීන විය යුතුයි” යැයි ද හෙතෙම කීවේය.
රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, විදුර වික්‍රමනායක, එම්.ඒ. සුමන්තිරන් සහ තාරක බාලසූරිය යන මහත්වරු ඊයේ (28) එසේ සිය වත්කම් හා බැරකම් ප්‍රසිද්ධ කළහ.
ඩේලි එෆ්.ටී. ඇසුරිනි
055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.