(ඩයනා උදයංගනී)
කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමතිවරුන් 24 දෙනෙකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ ගැන තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස කතානායක කරු ජයසූරිය මහතා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට දැනුම් දී තිබේ.
රන්ජන් රාමනායක මහතා මේ බව කතානායකවරයාට පසුගිය දිනෙක දුරකථනයෙන් දැනුම් දී ඇති නමුත් එය දුරකථනයෙන් නොව ලිඛිතව ලබාදෙන්නැයි කතානායකවරයා දැනුම් දී තිබේ.
එවැනි ලිඛිත පැමිණිල්ලක් ලැබුණහොත් පක්‍ෂ නායකයින් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර ගැනීමට කතානායකවරයා සූදානම් බව කතානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය වසර අවසානයේදී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිදුවූ දේශපාලන කුමන්ත්‍රණය පරදා ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය වෙනුවෙන් සහ එය ආරක්ෂා කිරීම වෙනුවෙන් ඍජුව නොසැලී සිටි කතානායකවරයාට මත්කුඩු දේශපාලකයන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමටත් ඍජුව කටයුතු කරනු ඇති බව ජනතාවගේ ඒකායන බලාපොරොත්තුවයි.
හිරවුනා ඇමතිතුමා
දැන් දෙන්නකෝ නම් ටික. මේ පාර තමා රන්ජගේ හොට පැටලෙන්නේ.
ජනාධිපති තුමනි මේ ගැන ඔබේ අදහස කුමක්ද ?
රටට යනෙනමන් නෑ.
කතානායකතුමෝ ඔබතුමා වාචිකව ඡන්දෙ ඉල්ලලා පනත් සම්මත කරනවා. වාචිකව ඡන්දෙ ඉල්ලලා විශ්වාස භංග නිෂ්ප්‍රභා කරනවා. මේ කුඩු කාරයෝ අල්ලන්න විතරක් ලිඛිතව ඉල්ලන්නේ මොකද? නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕන කියනවා වගේ වැඩක් නේද මේ?
ගරු කතානායකතුමනි සියලු දෙනාගේ කිර්තිය හා නිවැරදිතාවය උදෙසා රුධිර පරීක්ෂණයක් 225 දෙනාගේම ලබාගන්න වත්කම් බැරකම් ගන්නවා සේ
මොකටද ලිඛිතව කවුරුත් දන්නවා ඔය කට්ටියව
24 දෙනෙකුගේ ලැයිස්තුවක් ඔබට දුන්නා කියලා රන්ජන් ඔය කියන්නේ. දැන් කව්ද බොරු කියන්නේ රන්ජන්ද කරු ජයසූරියද? නැතිනම් දෙදෙනාමද.
ඕකට ඔච්චර නටන්න දෙයක් නෑ.මත්ද්‍රව්‍ය විකුනන්න / ගන්න තහනම් නම් හැමෝගෙම ලේ මුත්‍රා එකක් ටෙස්ට් කරන්න. එතකොට හොයාගන්න පුළුවන් වේවි . කාගෙන්වත් නම් ලිස්ට් ඔන්න නෑ..
අර පාර්ලිමේන්තුවේ ඇතිවුණු සිද්දියේ කැමරා දර්ශන වලින් නිකම්ම හොයාගන්න පුළුවන් . ඒ තමයි කට්ටිය .
ගිය සතියේ මධූෂ් මේ සතියේ මාතෘකාව කොකොන් කොහොම හරි අපි ව තියාගෙන මෙයාලා ටයිම් පාස් කරනවා තව රටේ ජනතාව ට කොච්චර ප්‍රශ්න තියෙනවා නේද එක ගැන කවූරුත් කතා කරන්න යන්නේ නැහැ ඕකට කියන්නේ මිනිසුන් අයලෙ යවනවා කියලා
ඕක ඉතින් අහන්න දෙයක් නෙමෙයි ... පාර්ලිමේන්තුවේ හැසිරෙන හැටි බලනකොට ඕව පොඩිළමයෙකුට පවා තේරුම් ගන්න පුළුවන් දේවල් ..! මත්පැන් , මත්ද්‍රව්‍ය පාර්ලිමේන්තුවට අනිවාර්යක් ..!
මේ හරක් 225 ට වෙන කිසිදෙයක් නැත්ද රටේ දියුණුව ගැන කතා කරන්න. කුඩු ගහන එව්වොත් ඉන්නවද. රටට අබසරණයි.