(කටුනායක ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි තුනක් වටිනා ඉස්තරම් බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන පැමිණි පාකිස්තානු ජාතික ගුවන් මගියෙකු අද (13) කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 39 හැවිරිදි පාකිස්තානු ජාතිකයෙකි .
මොහු 2014 වසරේ සිට මේ වනවිට 6 වතාවක් ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් සිදු කළ මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ .
අද අලුයම 1.46 ට දෝහා සිට පැමිණ කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම හෙරොයින් කිලෝ ග්රෑම් 02 යි ග්රෑම් 426 ක ප්‍රමාණය සගවා ගෙන තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත, පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධ්‍යක්ෂ , ජේෂ්ඨ පොලිස් අධිකාරී ටී.සී. ඒ.ධනපාල මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමයේ ආගමේ පරවියෙක් කුඩු බෙදන්න ඇවිත්...
මේ මිනිස්සු දිගටම මේ වැඩ කරන්නේ ලංකාවේ නීතිය ලිහිල් හින්දයි. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, විකිණීම සහ ලඟ තබාගැනීම සඳහා අනිවාර්ය මරණ දඬුවම දුන්නා නම් මේ ප්‍රශ්න ඉවර කරන්න තිබුණා....
මෙයා මුස්ලිම් නිසා නිදහස් වේවි...!!! අල්ලගත්ත හෙරොයින් ටික වෙළඳපලට යාවි.