(මහින්ද නිශ්ශංක)
කොළඹ කොටුව හා බදුල්ල අතර විශේෂ දුම්රියක් ඉදිරි දින තුනකදී ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
ඒ අනුව, හෙට(24), (27) සිකුරාදා සහ (29) ඉරිදා යන දිනවලදී මෙම දුම්රිය ධාවනය කෙරෙනු ඇත.
මෙම විශේෂ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 7.35ටද බදුල්ල දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 8.30ටද පිටත්වන බව නියෝජ්‍ය ගමනාගමන අධිකාරී ඩබ්ලිව්. ඩී. පත්මලාල් මහතා පැවසීය.
පාසල් නිවාඩු හා එළඹෙන නත්තල් නිවාඩුව සැලකිල්ලට ගනිමින් මෙම විශේෂ දුම්රිය ධාවනයට යොදවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd