
( සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවකින් කිලිනොච්චිය සෙරික්කන් වෙරළ තීරයට රැගෙනවිත් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 77 ග්‍රෑම් 380 සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
මහපරිමාණයෙන් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී කේරළ ගංජා තොගය හා ධීවර යාත්‍රාව අත්අඩංගුවටගෙන තිබේ.
වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ සිටි ජාවාරම්කරුවන් පලාගොස් ඇති අතර ඔවුන් භාවිතා කළ ජංගම දුරකථන , හැදුනුම්පත් ඇතුළු උපකරණ කිහිපයක්ද පොලිස් භාරයටගත් බව පොලිසිය පැවසීය.
ජාවාරම්කරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගොස් එහි සිටින ජාවාරම්කරුවන්ගෙන් කේරළ ගංජා මිලදී ගෙන මෙරටට රැගෙනවිත් ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ. රැගෙනඑන ලද කේරළ ගංජා කොළඹට ප්‍රවාහන කිරීමට නියමිතව තිබූ බවට තොරතුරු ලැබී තිබූ බවත් පොලිසිය පැවසීය.
අත්අඩංගුවටගත් කේරළ ගංජා තොගය කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd