(නිමන්ති රණසිංහ)
කොළඹ අපරාධ කොට්ඨාසය තුළ රැඳවුම් නියෝග මත රඳවා සිටින පාතාල සාමාජිකයකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අද(12) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ආරක්ෂක අංශ ලබාගත් දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටි මෙම සැකකරුවන් තිදෙනා මහේස්ත්‍රාත් නිරීක්ෂණය සඳහා අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූවේ මොහොමඩ් නෂීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්, මොහොමඩ් ෆවුස් මොහොමඩ් අස්ලි , අබුබකර් මොහොමඩ් බදුර්දීන් නමැත්තන්ය.
ලබන 26වැනිදා සහ ජූලි 07 වන දිනයන්හිදී සැකකරුවන් නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.