
(සුජිත් හේවාජුලිගේ )
රටේ කිසිදු අත්‍යවශ්‍ය ඖෂධයක හිඟයක් නැති හෙයින් අනවශ්‍ය ආකාරයට ඖෂධ නිවෙස්වල ගොඩගසා ගැනීමෙන් හෝ ගබඩා කිරීමෙන් වළකින්නැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි .
රටට අවශ්‍ය ඖෂධ චීනයෙන් හා ඉන්දියාවෙන් ණය පහසුකම් යටතේ ගෙන එන හෙයින් ඖෂධ ගෙන්වීමට ඩොලර් පිළිබඳ ප්‍රශ්නයක් මතු නොවන බවද හෙතෙම සඳහන් කළේය.
විවිධ පුද්ගලයන් ගෙන යන කටකතා නිසා රටේ ඖෂධ හිඟයක් ඇති වේ යැයි ජනතාව තුළ බියක් හටගෙන ඇති බවත් අවශ්‍ය තරම් ඖෂධ පවතින හෙයින් ජනතාව ඒ සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවද ප්‍රකාශ කළේය.
අවශ්‍ය තරම් ඖෂධ ලබා දෙන බවට ඉන්දියාව සහ චීන රජයන් සහතික වී ඇති බවද ඔහු පැවසුවේය.
ඖෂධ හිඟයක් ඇති වේ යැයි යන බියෙන් සමහරුන් මාස හය හතකට කාලයකට ඖෂධ නිවෙස්වල ගබඩා කරගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් එලෙස කටයුතු කිරීමෙන් ඖෂධ කෘතිමව හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් චන්න ජයසුමන මහතා කීවේය.
මෙයට අමතරව විවිධ උෂ්ණත්ව තත්ත්ව යටතේ ගබඩා කළ යුතු ඖෂධ නිවෙස්වල දීර්ඝ කාලයක් හිතුමතේ ගබඩා කිරීමෙන් ඒවායේ ගුණාත්මක තත්වය හීනවී විවිධ ගැටලු මතුවිය හැකි බවද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.
COMMENTS
ගබඩාකරන්න බෙහෙත් තියෙන්නේ එපැයි.
අනේ මේ සර් ඇත්තම කියනවා ඇති නේද.?
බටහිර බෙහෙත්වල හාස්කම කියන්නේ 50%ක් විතර ජීවත් වෙන්නේ බෙහෙත්වලින්. සමහරු ඇවිදින්නේ කරල සාක්කුවේ දාගෙන. කන්න නැතිවුණත් බෙහෙත් හිඟවෙන්නේ නැහැ..ණයට හරි ගෙනැල්ලා දෙයි. බටහිර බෙහෙත්වලට ඩොලර් අවුලක් නෑ. ඔක්කොම කෙනෙහිලි අවුරුදු මිලියන ගාණක් පැරැණි දේශීය වෙදකමට..
බොරු... රජයේ රෝහල්වල ඉතාමත් අත්‍යාවශ්‍ය බෙහෙතක්වන එෆිඩ්රීන්වත් නැහැ. බොරුනම් කොළඹ ජාතික රෝහලෙන් අහලා බලන්න...
ඔව් ඔව් කිසිම අහේනියක් නෑ.සෞභාග්‍යය නෙමෙයි සව වලින් පිරිලා ඉතිරිලා යනවා මේ රට දැන්.ගෑස් වැඩි වෙලා පුපුරන්න තරම් එළවලු මලු කුණු වෙන තර්මාට ගොඩ ගැහිලා කඩවල් වල.මිනිස්සු සල්ලි වලින් සරුංගඅරිනවා කරන්න දේවල් නැතුව .රටින් බල්ලෝ පූසෝ ගෙන්නනවා හුරතලේට.කොටින්ම කිවුවොත් දිවය ලෝකේ ඉන්න දෙවිවරු දෙවතාවියෝ ලංකාවට එන්න පොර කනවලු.මේ තරම් සුරපුරයක් තව කොහෙද කියලා.
ඖෂධ ගබඩා කිරීමට තරම් ජනතාව මෝඩ නැහැ. ආහාර භාණ්ඩ ගබඩා කිරීමට පවා ජනතාව ළඟ මුදල් නැති මේ මොහොතේ, මෙයා කියන පරිදි ඖෂධ ගබඩා කරාවිද? වියත්මග නොවේ වියත්මධ. අනික ඉන්දියාව සහ චීන ඔවුන්ගේ අලුත් කොලනියට ඖෂධ සපයන්න ඕනේ.
වහල් දීපයේ බරපතල වහලෙක් වෙලා...