ශ්රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඩ්හිදී පැවැති පළමු වි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ලකුණු 234 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට රැස්කිරීමට හැකිවූයේ ඕවර 20ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 99ක් පමණි.
වැඩිවිස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.
ශ්රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඇඩිලේඩ්හිදී පැවැති පළමු වි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ ලකුණු 234 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාවට රැස්කිරීමට හැකිවූයේ ඕවර 20ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 99ක් පමණි.
වැඩිවිස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඩු වශයෙන් 100ක් ගහගන්න වත් බැරි වුණා...
පාර්ලිමේන්තුවේ ඉන්න නාකි මන්ත්‍රීවරුන් වගේ ඉන්න කණ්ඩායම අයින් කරලා පාකිස්තානයට ගිය කණ්ඩායමට අවස්ථාව දෙමු.
ඔය පුද්ගලයා නායක කමට පොඩ්ඩක් වත් සුදුසු නැහැ.
අලුත් ටීම් එකට ආපහු අර පරණ ඔලුවෝ ටික රිගවලා කරගත්ත විපත්තිය... ලැජ්ජයි..!!!
අපි පැරදුණාට කමක් නැහැ. කුසල් මෙන්ඩිස්ව නම් අයින් කරන්න එපා. හැමදාම අවස්ථාව දෙන්න.
මම දැනට දවස් දෙක තුනකට කලිනුත් කමෙන්ට් කළා කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් ගහන්න පුළුවන් වුණාට 20-20ට සුදුසු නැහැ කියලා.., නිකන් බොරුවට පර්යේෂණ කරකර ඉන්නේ නැතුව පාකිස්ථානයේදී දිනපු කණ්ඩායම ක්‍රීඩා කරවන්න. අඩුපාඩුවට ඕනේ නම් ඕස්ට්‍රේලියාවේදී කලින් විශිෂ්ට දස්කම් දක්වපු අසේල ගුණරත්න දමන්න...
පැරදුණාට කමක් නැහැ. බෝඩ් එකේ ලොක්කෝ ටිකට ඔසී වල ට්‍රිප් එකක් ලැබුණානේ... ඒ ඇති... තව කාලා වරෙන් මගෙ පුතේ... මේ අය ඉන්නකම් ක්‍රිකට් ඉවරයි.
ටොස් එක දිනලත් බැට්කරන්නේ නැතුව බෝල්කරන්න ගත්ත බව ඇසුවාම අපිට තේරුණා වැඩේ අනාගත්ත බව... පණ්ඩිතයන් ටික ඉවත්කරලා පාකිස්තානයට ගිය කණ්ඩායම යොදවන්න ඊළඟ තරග දෙකට...
ඊටත් එහා කාසියේ වාසිය දිනලා ඕස්ට්‍රේලියා වගේ ලෝකයේ ඉන්නේ හොඳම පන්දු යවන්නන්ට එරෙහිව හඹායාමට සිතීම විහිලුවකි. මෙච්චර ක්‍රිකට් ගහලත් දැනුමක් නැති හැටි...
මාලිංගගේ නායකත්වය හොඳමදි. ඔහු කණ්ඩායමේ සිටිය යුතු වුවත් අනිවාර්යයෙන්ම නායකත්වයෙන් ඉවත් නොකළොත් ඉදිරි තරග 2ත් කනවා නියමෙටම...
මාලිංග කණ්ඩායමෙන් දැන් ඉවත් කරලා දමන්න. මාලිංග කොච්චර පරණ වුණත් කිසිම අවබෝධයක් නැති පාටයි.
කාටත් හිමි විශ්‍රාමය ඔය කියන නායකයාටත් පොදුයි. තරුණ නායකයෙකුට ඉඩදී කරුණාකර ගෙදර යන්න. පුළුවන් කාලේ කළ කී දේවල් හොඳටම ඇති. අනික නැවතත් පරණ පිළුණුවුණු ඔලු රින්ගවන්න ඕනේ වුනේ මොකටද දන්නේ නැහැ.