IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඕපාල්ගල රක්ෂිතයටත් බහිරවයාගේ ඇස


(කාංචන කුමාර ආරියදාස)

මොරගහකන්ද ජලාශය පෝෂණය කරන ජල උල්පත් පිහිටි නාවුල ඕපාල්ගල  මහ රක්ෂිතය කිසියම් පිරිසක් විසින් අල්ලාගෙන වැටවල් ගසා වන විනාශයක් ආරම්භ කර ඇතැයි ඕපාල්ගල ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මුහුදු සීමාවේ සිට අඩි 3000 ට වඩා ඉහළ කඳු පන්තියක් මත නාවුල ඕපාල්ගල  රක්ෂිතය පිහිටා තිබේ. නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඕපාල්ගල  ගම්මානයේ සිට පාගමනින් කිලෝමීටර් පහක් පමණ විශාල වනයක් මැදින් කඳු තරණය කිරීමේදී මෙම ජල උල්පත් පිහිටි ස්ථානය හමුවේ. මෙම රමණීය කඳු ශිඛරය  හීන්ගඟ, අඹන්ගඟ පෝෂණය කරන එකම ජල මූලාශ්‍රය වේ.

යම් පිරිසක් විසින් සූක්ෂම ලෙස මෙම රක්ෂිතයේ අක්කර 500කට වැඩි භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන ස්ථිර වැටවල් ගැසීම ආරම්භ කර ඇති බවත් ඒ හේතුවෙන් දුර්ලභ ශාක රැසක් විනාශ කර ඇති බවත් හබරණ ඕපාල්ගල රක්ෂිතය සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.

මොරගහකන්ද ජලාශය ආරක්ෂා කරගැනීම සහ වන විනාශය වළක්වාගැනීම සඳහාත් රජයේ  සහ වනසංරක්ෂණ නිලධාරීන්ට මේ පිළිබඳව දැනුම්දුන්න ද ඔවුන් කිසිදු පියවරක් ගෙන නැතැයිද ඔවුහු පවසති.

ඕපාල්ගල ගමේ සිට මෙම රක්ෂිතය හරහා කඳු මුදුනට කිලෝමීටර් 6ක පමණ දුරක් ගමන්කිරීමේදී දිය ඇලි, ගල්පර, ගස් වැල් පමණක් නොව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මායිම් සලකුණු තිබියදී අලුතින් වැට සැකසීම සඳහා කොන්ක්‍රීට් කණු විශාල ප්‍රමාණයක් රක්ෂිතයේ තැන තැන දමා ගොස් ඇති ආකාරය ද දක්නට ලැබේ.

ප්‍රදේශවාසීන් පැවසුවේ මෙම රක්ෂිතයේ ද සිංහරාජ වනාන්තරයේ මෙන්ම වියළි කලාපයේ ද වැවෙන ශාක පවතින බවය. මෙලෙසින් ඉඩම් අත්පත් කරගෙන ගහකොළ විනාශ වුවහොත් මොරගහකන්ද ජලාශයටද හානි සිදුවන බවත් ඕපල්ගල ගම්මානයේ  සියලු ජල අවශ්‍යතා සපුරාගන්නා ජල මාර්ග සියල්ල විනාශ වන බවත් ඔවුහු පවසති.

ඕපාල්ගල කඳු මුදුනට ගිය විට රූපවාහිනී ගුවන්විදුලි යන්ත්රත තරංග රට පුරා විකාශනය වන කරගහතැන්න විදුලි සංඥා කුළුණු ද  එක්  පසෙකින් ද මොරගහකන්ද ජලාශය අනිත් පසින්ද  බෝවතැන්න ජලාශය තවත් පසෙකින්ද මනරම් වන වියනක් ද දැකගත හැක.

මෙම ඉඩම් අත්පත් කරගන්නා පුද්ගලයන් පෞද්ගලික ඉඩම් ඔප්පුවක් ඇති බව පවසමින් රාජ්‍ය නිලධාරීන්ගේ මාර්ගයෙන් ඕපාල්ගල රක්ෂිතය ඇසුරින් ව්‍යාපාරික ස්ථාන ආරම්භ කිරීමට සූදානමක් ඇතැයි ජනතාව පෙන්වා දෙති.

නාවුල ඕපාල්ගල  මහ රක්ෂිතය ජාතික උරුමයක් ලෙස නම් කර වන විනාශය වළක්වන ලෙස ප්‍රදේශවාසීහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති.

 

 



අදහස් (2)

ඕපාල්ගල රක්ෂිතයටත් බහිරවයාගේ ඇස

Chandana F Wednesday, 27 February 2019 06:03 AM

කෝ මේ වනජීවී , පරිසර නිලධාරෙන් සහ අමාත්‍ය තුමා ...............අශ්වයා ගියාට පස්සේ ස්තාලය වැහුවට වෙඩක් නෑ .................මෙහෙමත් රටක්,

:       0       201

sampath Wednesday, 27 February 2019 10:10 AM

මේ වනාන්තර අශ්‍රිතව හමුදා කදවුරු ඉදිකිරීම කලොත් ටිකක් හරි මේවා බේර ගන්න පුළුවන් වෙයි ආරක්ෂාවටත් හොඳයි......

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site