IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


එන්නතින් ඕස්ට්‍රේලියානුවෝ 79,000 අතුරු ආබාධ

'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් පසු හටගන්නා සෞඛ්‍ය ගැටලු සඳහා වන්දි ලබා ගැනීමට, ඕස්ට්‍රේලියානුවන් 10,000 ක් ලියාපදිංචි වී සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඕස්ට්‍රේලියානුවන්ට ලබා දෙන එන්නත්, හදිසි භාවිතයට සුදුසු යැයි නිර්දේශ කර ඇත්තේ, එරට ඖෂධ පාලන අධිකාරියයි. එන්නත ලබා ගැනීමෙන් පසු සෞඛ්‍ය ගැටලු ඇති නම්, අදාළ වෛද්‍ය වාර්තා සමඟ ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හැකි බව ඖෂධ පාලන අධිකාරිය ඕස්ට්‍රේලියානුවන්ට දැනුම් දී ඇත.

ඒ අනුව, මේ වනවිට එන්නත් ලබා ගැනීමෙන් පසු මතු වුණු සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි 79,000 ක් ඖෂධ පාලන අධිකාරියට ලැබී ඇති බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබේ. 10,000 ක පිරිසක් ලියාපදිංචි වී සිටින්නේ මෙම 79,000 අතරිනි.

ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අංශ මේවනවිට එන්නත් මාත්‍රා මිලියන 36.8 ක් එරට වැසියන්ට ලබා දී ඇති අතර, එන්නත් ලබා ගැනීමෙන් 9 දෙනකු මියගොස් ඇතැයි ද පැවැසෙයි. එන්නත ලබා ගැනිමෙන් පසු සෞඛ්‍ය ගැටලු මතුවූයේ යැයි පැමිණිලි කළ වැඩි දෙනා අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් ය.

ඕස්ට්‍රේලියානුවන්ට ප්‍රධාන වශයෙන් ලබා දෙන්නේ 'ෆයිසර්' සහ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත්ය. 'ෆයිසර්' එන්නත් ලබාගත් 288 දෙනකුගේ හෘදයට හානි සිදුවී ඇති බවටත්, 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ලබා ගත් 160 රුධිර කැටි ගැසීම් නිසා රෝගී වී ඇති බවටත් පැමිණිලි ලැබී තිබේ.

යම් කිසි ඕස්ට්‍රේලියානුවකුට එන්නත් ලබා ගැනීමෙන් පසු සෞඛ්‍ය ගැටලුවලට මුහුණ පෑමට සිදුවූයේ නම්, ඒ වෙනුවෙන් වන්දි ලෙස ඕස්ට්‍රේලියානු ඩොලර් 5,000 ක මුදලක් ලබා දෙන බව බලධාරීන් පවසා තිබේ. ලැබෙන පැමිණිලි විමර්ශනයට විශේෂ වෛද්‍ය කමිටුවක් ද පත් කර ඇත.

ඒ අනුව  ඕස්ට්‍රේලියානු රජයට ගෙවීමට සිදුවනු ඇතැයි පැවැසෙන මුලු වන්දි මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියන 37) බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (10)

එන්නතින් ඕස්ට්‍රේලියානුවෝ 79,000 අතුරු ආබාධ

hesa Wednesday, 17 November 2021 07:54 PM

ඔය තියෙන්නේ දැන් හරිනේ

:       32       21

රාමාThursday, 18 November 2021 01:33 AM

මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඔහොම දෙයක් මෙහේ නම් කියවුණේ නෑ. දිනපතා පත්තර සහ ටීවී නිව්ස් ඕක නොකියා ඉන්නේ නෑ වන්දි ගෙවන වගේ ක්‍රම තිබෙනවා නම්. මම දන්න තරමින් කොවිඩ් එන්නත් සඳහා වෛද්‍ය වරුන් හෝ රජය වගකියන්නේ නෑ. අපි එන්නත්ගන්න කැමැත්ත පළකර අත්සන් කරනවා. ඒ නිසා මේ කතාවේ ඇත්ත නැත්ත හොයන්න. මෙහෙත් එන්නතාට විරුද්ධ කොටස් ඉන්නවා බොරු ප්‍රචාර කරන.

:       2       4

kamalThursday, 18 November 2021 08:08 AM

ඒකනේ කිව්වේ අපේ මහාචාර්ය තුමා සයිනොෆාර්ම් එල කිරි කියලා .කෝ අපේ එක අතුරු අබාදයක් වත් වාර්තා වෙලා නැහැනේ .සර් පාස් සර් පාස්

:       5       7

sampath Wednesday, 17 November 2021 09:19 PM

මේ එන්නත් කිසිම ඉවක් බවක් නැතිව මිනිස්සුන්ට දුන්නේ මේ ලෝකේ මිනිස් සංහතියා අතුගාලා දන්නා ද මන්දා.

:       2       2

Nalin Thursday, 18 November 2021 12:21 AM

වැඩකට නැති එන්නත්

:       3       2

ලුම්බිණි Thursday, 18 November 2021 04:36 AM

ඉන්දියානු මීඩියා හැර මේ පුවත වෙන තැන් වල නැත්තේ මොකද?

:       1       2

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 18 November 2021 07:20 AM

අපේ රටේ නම් එන්නත් දෙකම විදලා අතුරු ආබාධ ආවත්, මැරුණත්, ඒ ගැන කතා කිරීමක් නැහැ.

:       4       16

parakrama Friday, 19 November 2021 05:28 AM

සමස්තයක් වශයෙන්, චිකිත්සක භාණ්ඩ පරිපාලනය (TGA) ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ ඕස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත් තුනට අදාළ අහිතකර සිදුවීම් වාර්තා 79,000 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබුණි. මෙම අතුරු ආබාධවලින් අතිමහත් බහුතරයක් සුළු ඒවා වන අතර දේශීය හිසරදය සහ තෙහෙට්ටුව වැනි සාමාන්‍ය රෝග ලක්ෂණ බහුලව වාර්තා වේ.

:       1       6

sapunFriday, 19 November 2021 12:10 PM

අපේ රටේ තත්වය නම් මීට බොහොම ඉහලයි .එක අතුරු අභාදයක්වත් නැහැ

:       0       3

Vernon Saturday, 20 November 2021 06:21 AM

මම ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ.., මේක අමූලික බොරුවක්..!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site