
(සුජිත් හේවාජුලිගේ )
විදේශගතව සිට පැමිණෙන්නන්ට දින 14ක නිරෝධායනය අනිවාර්ය කර ඇත.
විදේශගතව සිට පැමිණෙන්නන් සඳහා කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඊයේ(12) නිකුත් කෙරුණු අතර මෙම අනිවාර්ය කිරීම කර ඇත්තේ එම නීති මාලාව යටතේය.
එම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අනුව වයස අවුරුදු දෙකට අඩු ළමයින් ට කොරෝනා පරීක්ෂණ සිදුකරනු සිදු නොලැබේ.
අවුරුදු 12 සහ ඊට වැඩි ළමයින් කොරෝනා පරීක්ෂණ සඳහා භාජනය විය යුතු වන අතර අවුරුදු දෙක සහ ඊට වැඩි සියලු දෙනා මෙරටට පැමිණි දිනයේ සහ නිරෝධායනයවී දින 11ත් 14ත් අතර දෙවැනි කොරෝනා පරීක්ෂණයකටද භාජනය විය යුතු වෙයි.
පළමු සහ දෙවැනි කොරෝනා පරීක්ෂණ ප්‍රතිඵල යහපත් නම් සියලු දෙනාට දින 14කින් පසු නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව යා හැකි බවත් යම් අයකු ආසාදිතයකු ගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වශයෙන් හඳුනාගනු ලැබුවහොත් ඔහුගේ හෝ ඇයගේ නිරෝධායන කාලය දීර්ඝ වන බවත් එම මාර්ගෝපදේශ මාලාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙට අනිද්දා තවත් ලොකු කෙනෙක්ලංකාවට එනවා. අනිවාර්යයෙන්ම ඔහු හා එන ඔක්කොම චින්නුන්ව වැඩ් 15 අනිවාර්යයෙන්ම නිරෝධායනය කල යුතුයි.