(රංජන් කස්තුරි)
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂවල තරුණ සංවිධාන හා වෙනත් තරුණ සංවිධාන සමඟ එක්ව පුළුල් ‘තරුණ ව්‍යාපාරයක්‘ ගොඩනගන බව සජිත් ප්‍රේමදාස මහතාගේ 2019 ජනාධිපතිවරණ තරුණ මෙහෙයුම් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.
දැනටමත් එම තරුණ සංවිධානය ගොඩනැගීමේ ව්‍යාපාරය ආරම්භ කර තිබෙන අතර රටපුරා සියලු ගම්මානවල තරුණ තරුණියන් ඊට එක් වීමට සුදානමින් සිටින බවද හර්ෂණ රාජකරුණා මහතා කීවේය.
එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු දේශපාලන පක්ෂවල තරුණ තරුණියන් දේශපාලන පක්ෂවලට අයත් නොවන සංවිධානවල තරුණ කණ්ඩායම් එක්ව එම ව්‍යාපාරය ගොඩ නැගූ පසු තරුණ ප්‍රාඥාප්තියක් සකස් කර ගන්නා බවද මන්ත්‍රීවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු දේශපාලන පක්ෂවල තරුණ තරුණියන් ඉල්ලා සිටියේ එක්සත් ජාතික පක්ෂය විසින් අලුත් මුහුණක් දේශපාලනයට එක්කරන්න කියා මිස තරුණ ව්‍යාපාරයක් ගොඩනැගීමට නොවේ. අලුත් කෙනෙක් ඉදිරිපත් කළානම් ව්‍යාපාර කිසිවක් අවශ්‍ය නොවේ.
දැන්ද තරුණ ව්‍යාපාර ගොඩනගන්න හිතුවේ? ඒ කාලේ හිතුවේ තමන්ගේ මඩිය තර කර ගන්න විදිහ නේද? මේ "වසරේ (2019) ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 2.7 ක් දක්‌වා අඩුවනු ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි." ඔන්න ඔහෙලගේ කෙරුවාව. තවත් ඔහෙලට ආවඩන්නේ අමු මැට්ටන් තමයි.
අර අවුරුදු 70 පසුවන තරුණ කටයුතු ඇමතිවත් මේකට සම්බන්ධ කරගත්තා නං හොඳයි.
බුද්ධිමත් තරුණයන් විශාල ප්‍රමාණයක් දැනටමත් මහේෂ් සේනානායක වටා එක්වී අවසන්...
2015 දීත් ඔහොම කියනවා අපිට මතකයි. එහෙම තරුණ කට්ටියනේ මහා බැංකුවත් කොල්ලකෑවේ.
රටට මෙච්චර වින කරපු මේකත් පක්ෂයක්ද?
2015 බලයට ආපු දවසේ ඉදලා මෙතෙක් කරපු දේවල් දිහා බැලුවම අපිට හිතා ගන්න පුළුවන් ඉදිරියටත් මොනවා කරයිද කියලා?
මොවුන් සමග එකතු වන තරුණ පිරිසත් අනිවාර්යයෙන්ම වහල්ලුම තමයි.