IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘එජාපෙ තීරණය ජනබල මෙහෙයුමේ 7 වැනි දවසේ ගන්නවා’

අංජුල මහික වීරරත්න
 
ජනපති තවදුරටත් රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ඒකාධිපතියකු ලෙස හැසිරෙන්නේ නම් එක්සත් ජාතික පෙරමුණේ ජනබල මෙහෙයුම හත්වැනි දිනයේ දී තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.


ලබන 13දා පැවැත්වීමට යෝජිතව තිබූ ජනබල මෙහෙයුම ලබන 17 වැනි දා කොළඹ ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට තීරණය කළ බවද මරික්කාර් මහතා කීය.


කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.


“ලබන බදාදා පාර්ලිමේන්තුව රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළකිරීමේ යෝජනාව ඉදිරිපත් කරනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ තීන්දුව ලබන 14 වැනි දා වන විට ලැබෙනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ අනුව ජනබල මෙහෙයුම ලබන 17 වැනි දා පවත්වනවා.


මහින්දට විරුද්ධ විශ්වාසභංගය සම්මත කර රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් සම්මත කර අධිකරණ තීන්දුවක් ලැබුණු පසු ජනපති ව්‍යවස්ථාවට ගරු කරන්නේ නැති නම් රටේ ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝණය කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පිළිගන්නේ නැතිනම් විධායකය ඒකාධිපති අයුරින් හැසිරෙනවා නම් ජනබල මෙහෙයුම දිනයේ දී තීරණයක් ගන්නවා.”



අදහස් (0)

‘එජාපෙ තීරණය ජනබල මෙහෙයුමේ 7 වැනි දවසේ ගන්නවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site