(අංජුල මහික වීරරත්න)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර හමුවක් අද (02) පස්වරුවේ පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ජනාධිපති කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වේ.
දේශපාලන අර්බුධයට විසඳුමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අතර ඉකුත් සිකුරාදා (30) රාත්‍රී පැවැති හමුව අවසන් තීරණයකින් තොරව අවසන් විය.
COMMENTS
කොච්චර කතා කළත් වැඩක් නැහැ...
30 දා තීරණයක් නැතුව අවසන් වුණා වගේම අද පැවැත්වෙන එජාපෙ-ජනපති අතර හමුවත් නිකම්ම අවසන් වේවි! හොඳ නැකතක් එනතුරු කල්මැරීම සඳහා ජනපති හොඳ හොඳ උප්පරවැට්ටි දමනවා... අනෙකුත් අය ඒවාට රැවටෙනවා.
අායෙත් හොඳ ටොපියක් දීලා එවයි !
සිරා විශ්වාස කරන එක නම් අන්තිම මෝඩ වැඩක්...
කිසිවෙක් අවංක නෑ. වර්තමාන ලෝකයේ දේශපාලනය පොදුවේ මනුෂ්‍ය සහ සත්ව වර්ගයාගේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන බව පෙන්වමින් තම තමන්ගේ පටු ජීවිත පරමාර්ථ වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා. බලය, නිලය, වස්තුව සොයන පහසු ක්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී කියලා ලේබලය අලවලා ජනතාවගේම කැමැත්ත අරගෙන කරගෙන යනවා. මුදල් සහ තම තමන්ගේ අපේක්ෂා සඳහා ජනමාධ්‍ය මේකට හිරිකිතයක් නැතිව උදව්වෙනවා. උඩ සිට යටටම හැමෝම කාගේ හෝ වහලෙක්. නිදහස් චින්තනයක් මනුෂ්‍යත්වය වෙනුවෙන් ඉදිරිපත් වීමක් මේ යන විදියට මේ රටේ සිදුනොවනු ඇත. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..
විශ්වාසභංගයක් ගේන එක ඇරෙන්න මෙයා එක්ක කතාකරලා වැඩක් නැහැ.
මේ ඔක්කෝටම පිස්සු... ජනාධිපතිට රටෙන් වැඩක් නෑ. එයා කරපුවා එයාම විසඳයි. මොකටද යන්නේ?
ජනතාවට එපාවෙලා ඉන්නේ. පළාත් පාලන මැතිවරණයෙන් ඒක ඔප්පුකර අවසන්...
ජනාධිපතිතුමා එජාපෙ කට්ටිය මුණ ගැහෙන එක කල්දාලා ඊයේ බැසිල් මහත්තයා මුණ ගැහුණු බව දැන් වාර්තා වෙනවා. එහිදී 113 දැන් හරිද කියල නිශ්චිත වශයෙන්ම අහල බැලුවාවත්ද කියලා කවුද දන්නේ...? ඒක හරියන කල් එජාපෙ කට්ටිය මුණ ගැහිලා මොනවා කතා කළත් වැඩක් වෙන එකක් නැහැ...