අභවප්‍රාප්ත වූ ප්‍රවීණ සංගීතවේදී එච්.එම් ජයවර්ධන මහතාගේ අවසන් කටයුතු අද (10) බොරැල්ල කනත්තේදී සිදුකෙරිණි.
එහිදී ඒ මහතාගේ පුත් ගායක කසුන් කල්හාර මහතා හා ඔහුගේ පවුලේ සමාජිකයෝ එක්ව පැන් වත්කරමින් හා ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව දේහය චිතකය වෙත රැගෙන ගියහ.
ඒ මහතාට අවසන් ගෞරව දැක්වීමට කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැබෑ කලාකාමී නිර්මාණකරුවන් මෙසේ වෙන්වීම දුකක්. නමුත්ඉතිං...
පණ්ඩිත් අමරදේවයන්ගෙන් පසු පරපුරේ ආචාර්ය රෝහණ වීරසිංහයන් හැරුණු විට සිංහල සංගීත ක්ෂේත්‍රයට සිටි දැවැන්තයා අද අප අතරින් වෙන්වූ එච්.එම.ජයවර්ධනයක් වියයුතුය. කාගේවත් ඇදක් කුදක් හොයන්නට යන්නේ නැතුව තමන්ගේ පාඩුවේ නිවී සැනසිලි සුවයෙන් ජීවත්වූ එතුමාත් එතුමාගේ දයාබර බිරිඳව සිට පරලෝ සැපත් මාලනී බුලත්සිංහල මැතිණියත් සිංහල සංගීත ලෝකයට දායාදකළ අනගි සම්පතක් වූ කසුන් කල්හාර ජයවර්ධනයන් තම දෙමව්පිය දෙපලගේ අඩුව කිසියම් ප්‍රමාණයකින් හෝ පිරවීමට සමත් අනගි සම්පතක් වෙනු නොඅනුමානය. එච්.එම්.ජයවර්ධනයන්ගේ වියෝව පිළිබඳ සාතිශය සංවේගය පළකර සිටිමු.
ඔබ වැනි ප්‍රතිභා පූර්ණ සංගීත වේදීන් ඇත්තේ අතලොස්සකි. ඔබට නිවන් සුව පතමි!
"කවුළු පියන්පත්" කසුන් කල්හාර ජයවර්ධනගේ අගනා ගායනයක්. තවත් බොහෝ වටිනා නිර්මාණ ඔහු ඉදිරිපත් කර තිබෙනවා.
සැබෑ කලාකාමී නිර්මාණකරුවන් මෙසේ වෙන්වීම දුකක්. නමුත්ඉතිං...
කසුන් කල්හාර ජාතික වස්තුවක්....!! එය ඔහුද අවබෝධ කර ගත යුතුයි.
අසහාය කලාකරුවාණනි,ඔබට නිවන් සුව !