(අංජුල මහික වීරරත්න)
එක රටක් එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය ව්‍යවස්ථා විරෝධී බව එක්සත් ජාතික පක්ෂය නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි.
නීති සැකසීම පාර්ලිමේන්තුවට අයත් කාර්යයක් බවත් මෙය රටේ එකමුතුකමට හානියක් වන කාරණයක් වන හෙයින් එක් රටක් එක් නීතියක් සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය වහාම අහෝසි කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දෙන බව කියන එක්සත් ජාතික පක්ෂ මෙසේද සඳහන් කරයි.
නිදහස් ලංකාවක් බිහිවීමත් සමග ආග්‍රමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මහතා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් බිහි කළ අතර සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජනතාව එක් අනන්‍යතාවයකින් ඉදිරියට ගමන් කිරීම අපගේ ජාතික ගීයේ ‘එක මවකගේ දරු කැල බැවිනා‘ යන වචන තුළින් අර්ථ ගැන්වුනා. එමෙන්ම අපගේ ව්‍යවස්ථාවේ මුලික අයිතිවාසිකම් පරිච්ජේදයේ ද එය සඳහන් වී තිබෙනවා.
ඒ අනුව අපට ඇත්තේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය තුළ ඉදිරියට ගොස් අඩුපාඩු සකසා ගැනීමයි. එම නිසා එක් රටක් එක් නීතියක් සදහා පත්කළ ජනාධිපති කාර්යසාධන බලකාය ඊට පටහැනි වනවා යනුවෙන් ද එක්සත් ජාතික පක්ෂය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ?. යහ පාලනය කාලෙ තිබුණේ මොන නීතිය ද කියල කියනවද?
1956 මැතිවරණය අවස්ථාවේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම ජනමතය වුණා.. එහි ප්‍රතිඵලයක් ලෙස අවුරුදු තිහක යුද්ධයෙන් රටම බැට කෑවා. අනාගත පරපුරට එවැන්නක් කිසිම දවසක නොවේවා.. ඇත්තටම පාර්ලිමේන්තුවේ කළයුතු කටයුත්තක් මෙලෙස සිදුවීම සුදුසු නැහැ .
මේ කාර්ය සාධක බලකාය හැදුවේ සමාජ ක්‍රියාකාරීන්ගේ අදහස විමසලා යෝජනා ඉදිරිපත් කරන්නලුනේ... ඒ අදහස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තමයි සම්මත කරන්නේ. මේ අය මේ වල කපන්නම බලාගෙන ඉන්න හදන්නේ... ආණ්ඩුව හොඳ දෙයක් කියලා කරන්න හදන්නේ මෙච්චරයි. ඒකටත් වල කපනවා කාලකන්නි...
නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති කොට්ටාස 3 කට නීති 3ක් ලබාදී මුළු රටම අවුල් කර ඇත.
එකම ජාතික ගීය වෙනත් භාෂාවකින් ගායනා කිරීමට අවසර නොදෙන රජය මෙවැනි එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම අරමුණක් නොවේ...
දුර දිග බලලා, රටට වැඩදායක දෙයක් ගැන හිතලා හොඳ යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන් එක මිනිහෙක් අද එ.ජා.ප. යේ ඉන්නවද ? එකෙක් නෑ... කට්ට රනිල් පස්දුන් රටෙන් පස් ගෙනල්ලා කස්ටියත් එක්ක කෝම්පිට්ටු හැදුවොයි නාකද..?
ජනාධිපති තුමනී 2/3 ප්‍රයෝජනය ගෙන ව්‍යවස්ථාව වෙනස් කර හෝ බලකාය ස්ථාපිත කරන්න. නැතිනම් මේ සජබේ අය බලයට ආවොත්මුලු කැබිනට් එකම ඉවරයි. එහෙම අපතයෝ ජාතියක්.