


(ජනක පිටිගල නිව්යෝර්ක් නුවර සිට)
එක්සත් ජාතීන්ගේ 74 වන මහා සමුළුව අද(24) දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
මෙවර එහි තේමාව වූයේ ‘දුගී බව දුරලීම ගුණාත්මක අධ්‍යාපනය, පාරිසරික සංවර්ධනය සඳහා බහු පාර්ශ්වයන්ගේ උත්සාහය බලගැන්වීම’ යන්නයි.
මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ශේනුකා සෙනවිරත්න මහත්මිය ඇතුළු දූත පිරිසක් සහභාගී වූහ.
මෙම අවස්ථාවේදී නිත්‍ය නියෝජිතවරිය සවුදි අරාබිය, දකුණු කොරියාව, මාලදිවයින හා අයර්ලන්තය යන රටවල විදේශ කටයුතු අමාත්‍යවරුන් මුණගැසුණාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද රටට ඇති පලේ?
ලංකාවේ දුගීකම ගැන කතාකරන්න ගිහින් ඉන්න මේ අයත් යැපෙන්නේ ලංකාවේ දුගීකමට එකම හේතුව වන දුෂිත දේශපාලකයින්ගේන්මයි. ඉතින් කොහොමද මෙම සමුළුව සාර්ථක වෙන්නේ?
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ තානාපති කාර්යාලයේ නිත්‍ය නියෝජිත ඇතුළු දූත පිරිස රටේ සල්ලි කනවා හැරුණු විට රටට ප්‍රයෝජනවත් දෙයක් කරයිද?
අප කැමතියි.. ප්‍රසිද්ධියේ අපගේ මව්බිම නියෝජනය කරන මෙම කාන්තාවන්ගෙන් මෙසේ විමසීමට කැමැත්තෙමු. ඔබල නිත්‍ය නියෝජිතයන් වශයෙන් මෙතෙක් රට වෙනුවෙන් ලබාගත් කිනම් හෝ වැඩදායි යමක් තිබේද, එසේ තිබේනම් ඒ මොනවාද ආදී වශයෙන්. මොකද මේ ස්ත්‍රීන්ද අපගේ රට නියෝජනය කරමින් සුර සැප විදින්නෙත් විදේශවල තමන්ගේ ලේ කදුළු දහදිය වගුරමින් උපයා ඒ අහිංසක ලාංකිකයන් මෙරටට එවන විදේශ විනිමය නිසා බැවිනි. කෙටියෙන් කියනවා නම් 225ම තුන්වේල ගිලදමන්නේ ඒ මිනිසුන්ගේ ලේ කදුළු වගුරා සොයන මුදලින් බැවිනි.
කොටුවෙ දුම්රිය පොලේ වැහි වතුර ඉවත් කිරීමට ඇති නල සහ අනෙක්දේ පිරිසිඳු නොකිරීමෙන් ඇති වුන දෙයක් වෙන්න ඕනෙ. මීට පෙර මෙවැනි දෙයක් සිදුවෙලා තිබුනේ නැහැනේද. මොනවා කරන්නද තම වැටුප ගෙන තමාගේ රාජකාරිය ඉටු නොකිරීමෙන් සිදුවෙන දෙයක කදිම උදාහරණයක්.
මේගොල්ලෝ මෙහෙ සමුළු වලට සහභාගි වෙන අතරේ අපේ හමුදාපති පත්කලට එක එක සම්බාධක දානවා. හමුදාපති පත්කිරීම රටක අභ්‍යන්ර. කටයුත්තක්. එව්වට ඇඟිලි ගහන සංවිධානයක සමුළු වලට රටේ ධනය වියදම් කරලා මොනවට සහබාගි වෙනවද? කොන්ද පණ ඇති ආණ්ඩුවක් තිබුන නම් ඒකට විරෝධය දක්වල සමුළුවෙන් නැගිටලා එන්න කියනවා. නමුත් අපේ රටේ ඉන්නේ රුකඩ ආණ්ඩුවක් නිසා එහෙන් නුල අදින පැත්තට තමයි නැමෙන්නේ.