(ඉන්දිකා රාමනායක)
ඌරුජුවා නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයකු ටී 56 ගිනි අවි උණ්ඩ යෙදිය හැකි පිස්තෝලයක් සමග විශේෂ කාර්ය බලකාය විසින් අද (8) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
ඌරුජුවාට අයත් ජල්තර නිවෙස් ගිනි අවි සගවා ඇති බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත විශේෂ මෙහෙයුම් ඒකකයේ භට කණ්ඩායමක් පෙරවරුවේ එම නිවස සෝදිසියට ලක්කළ බව විශේෂ කාර්ය බලකාය කියයි.
නිවස වටලන අවස්ථාවේ දී සැකකරු එම නිවසේ සිට පලායාමේ දී සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහුගේ ඉනේ ඉහත ගිනි අවිය සගවා තිබී සොයාගත් බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
ඌරුජුවාගේ මරණයෙන් පසු මෙම අත්අඩංගුවට ගත් සැකකරු ඌරුජුවා විසින් සිදුකළ කප්පම් ගැනීම් ඇතුලු ජාවාරම් සිදුකරන බවට තොරතුරු ලැබී ඇති බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා හංවැල්ල පොලිසියට බාර දී ඇත.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌරුජුවාගේ ගෝලයෙක් ගිනි අවියක් සමඟ මාට්ටු