IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


’උද්ඝෝෂණ වලින් රටත් රජයත් අපහසුතාවට ලක්වෙනවා’

(නිමන්ති රණසිංහ ) 

උද්ඝෝෂණය කිරීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් තහවුරු කර තිබියදී, කොවිඩ් වසංගතය උපයෝගී කරගනිමින් එම අයිතිය යටපත් කිරීමට යාමෙන් රටත් රජයත් දැඩි අපහසුතාවයකට පත් වනු ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා කුරුඳුවත්ත පොලිසියට  අද (02) දැනුම් දුන්නේය.

කොතලාවල විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දී අද (02) පැවැත්වීමට නියමිතව තිබූ උද්ඝෝෂණයක් තහනම් කර වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසට  කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එසේ සඳහන් කළේය.

පොලිසියෙන් කල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබූ සෞඛ්‍ය මාර්ගෝපදේශයක් යමෙකු උල්ලංඝනය කරන්නේ නම් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලතල ඇති බවය.

එබැවින් ඒ සම්බන්ධයෙන් නියෝග ඉල්ලා අධිකරණය වෙත ඉල්ලීම් කිරීමට අවශ්‍ය නැති බව ද මහේස්ත්‍රාත්වරයා මෙහිදී සඳහන් කළේය.

ජනතාවාදී බුද්ධි මණ්ඩපය නමැති සංවිධානය පැවැත්විමට නියමිත උද්ඝෝෂණය නිරෝධායන නීතියට පටහැනිව සිදු කිරීමට යන බැවින් එය වැළක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 

මහාචාර්ය ජේ. එන්. ආනන්ද ජයවික්‍රම මහතාගේ මූලිකත්වයෙන් යුතුව ජනතාවාදී බුද්ධි මණ්ඩපය නමැති සංවිධානයක් කොතලාවල විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට දි  මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කුරුඳුවත්ත පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය. 

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සඳහන් කර සිටියේ පොලිස් බලතල අනුව කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසත් මේ සම්බන්ධයෙන් වාරණ නියෝග ලබා දිය නොහැකි බවත්ය .

 

 

 

 

 

 



අදහස් (0)

’උද්ඝෝෂණ වලින් රටත් රජයත් අපහසුතාවට ලක්වෙනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 677 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site