(විනීතා එම් ගමගේ)
පොලොන්නරුව තේරීම් භාර නිලධාරියා ද වන දිසා ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුවට උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා පක්ෂයක ලාංඡනයක් සහිත මුහුණු ආවරණයක් පැළඳ පැමිණි බවට පැෆරල් සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාට අද (14) පැමිණිලි කළේය.
පොලොන්නරුව දිසා ලේකම් කාර්යාලයේ දී එම රැස්වීම පොලොන්නරුව දිසා ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එයට සහභාගී වූ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා මෙසේ පක්ෂයක නිල ලාංඡනය සහිත මුහුණු ආවරණය පැළඳ සිටි බවට ඡායරූප හා වීඩියෝ පට සාක්ෂි ද සහිතව පැෆරල් සංවිධානය මෙම පැමිණිල්ල කර ඇත.
මැතිවරණ නීති දැඩි සේ උල්ලංඝනය කිරීමක් වන මෙම සිද්ධිය පිළිබඳ අද (14) තහවුරු කරගත් වහා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කළ විමසීමක දී ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් එම රැස්වීම නිරික්ෂණය කිරීමේ දී කොරෝනා මර්දන මෙහෙයුම් කමිටු රැස්වීමේ දී එහි සහභාගී වූ කිසිවෙකු කිසිදු දේශපාලන කථාවක් නොකළ බවත් රැස්වීමේ අරමුණු අනුව කටයුතු සිදුවූ බවත් ඒ පිළිබඳව ද සිය පැමිණිල්ලේ සඳහන් කළ බවත් හෙතෙම කියා සිටියේය.
COMMENTS
මධ්‍යස්ථවයි මේ කියන්නේ.. ආණ්ඩුකාරවරයෙක් යනු දේශපාලකයෙකි. පොලොන්නරුවේ තිබෙන රැස්වීම කොරෝනා මර්ධනය සඳහාය. දේශපාලන රැස්වීමක් නොවේ. ඕනෑම ආණ්ඩුකාරවරයෙකුට ඔහු දේශපාලකයෙක් නිසා සිය පාක්ෂිකත්වය ප්‍රදර්ශනය කිරීම වැරැද්දක් නොවේ. NGO පැපරල්ලා බොරුවට දැඟලීම අවශ්‍ය නැත...
මේවා දේශපාලන පත්වීම්... දේශපාලනය බලලා දෙන පත්වීම්... එවිට තමන් කරන දේ නීතියට පටහැනි බව තේරෙන්නේ නැහැ මොලේ අඩු නිසා...