උතුරු කොරියාවේ හමුදා ශක්තිය විදහා දැක්වීම සඳහා පවත්වනු ලැබූ පෙළපාළියකදී 'ලොව බලවත්ම ආයුධය' ලෙස නම් කරනු ලැබූ, සබ්මැරිනයක සිට දියත් කරන බැලස්ටික් මිසයිල කිහිපයක් ප්‍රදර්ශනය කළ බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
නායක කිම් ජොන් උන් විසින් පෙළපාලිය අධික්ෂණය කරනු ලැබූ අතර උතුරු කොරියානු මාධ්‍ය විසින් නිකුත් කරනු ලැබූ ඡායාරූප වලින් පෙන්නුම් කරන්නේ විශාල කළු සුදු මිසයිල හතරක් ප්‍රදර්ශනය කළ බවයි.
උතුරු කොරියානු නිල පුවත් ඒජන්සිය එම අවස්ථාව විස්තර කරමින්, "ලෝකයේ බලවත්ම ආයුධය වන සබ්මැරීනයක සිට දියත් කරන බැලස්ටික් මිසයිල එකින් එක චතුරස්‍රයට ඇතුළු වී විප්ලවවාදී සන්නද්ධ හමුදාවන්ගේ ශක්තිය පෙන්නුම් කරයි" යනුවෙන් පවසා තිබේ.
පසුගිය සතියේ සිය පක්ෂයේ සාමාජිකයින් අමතමින්, කිම් මහතා උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි සහ මිලිටරි ශක්තිය වැඩි කරන බවට ප්‍රතිඥා දී තිබිණ.
"ඇමරිකා එක්සත් ජනපදය උතුරු කොරියාවේ විප්ලවයට ඇති ලොකුම බාධකයයි, බලයේ සිටින්නේ කවුරුන් වුවත් උතුරු කොරියාවේ ප්‍රතිපත්ති කිසිවිටකත් වෙනස් නොවනු ඇත." යනුවෙන් කිම් මහතා පවසා තිබේ.
විශ්ලේෂකයන් පවසන්නේ ඇමරිකාවේ නව ජනාධිපතිවරයා වන බයිඩන්ගේ පාලනයට උතුරු කොරියාවේ වර්ධනය වන යුධ ශක්තිය පෙන්නුම් කිරීම සඳහා මෙම පෙළපාලිය පැවැත්වූ බවයි.
(බීබීසී ඇසුරිණි)
085
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
උතුරු කොරියාව ’ලොව බලවත්ම ආයුධය’ ප්‍රදර්ශනය කරයි
sampath Friday, 15 January 2021 03:32 PM
මානව වර්ගයා ලෝකයෙන් අතුගෑවී යන දවස වැඩි ඈතක නොවෙයි...
jayantaSaturday, 16 January 2021 09:21 AM
මානව වර්ගයා කෙසේවෙතත් උතුරු කොරියානුවන් අතුගෑවී යන දවස නම් වැඩි ඈතක නෑ...
chandima Friday, 15 January 2021 11:20 PM
ටින්කර් බාස් කෙනෙක් හදපු එකක්ද දන්නේ නැහැ...?
Priya Saturday, 16 January 2021 12:50 AM
බලන්නත් එක්ක ඔන්න ඔහේ දෙක, තුනක් පත්තු කෙරුවා නම් නේද ලස්සන..?
Nandalal DE SILVA - France Tuesday, 19 January 2021 11:25 AM
කාඩ්බෝඩ් වීරයාගේ හිස් යකඩ බට රෝද මත තබා කරන විහිළු ප්‍රදර්ශනයක් විතරයි මේකත්.. !!! බයවෙන්න එපා. බුරන බල්ලෝ හපා නොකති. රටේ ජනතාව හාමතේ මැරෙන රටකට ඔයවගේ අවි නිපදවන්න පුළුවන්ද?
ruwanWednesday, 20 January 2021 04:05 AM
ප්‍රංශයේ පදිංචියට ගියාම ප්‍රංශ රජයේ මතය දැරිය යුතුය.