IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉරානයෙන් ගාලු වරායට ආ මුහුදු ආරක්ෂකයකුට කොරෝනා

 (ජේ.කේ.එල්. චාමින්ද)
 
ඉරානයේ සිට නෞකාවකින් ගාලුවරායට පැමිණි, නෞකාවලට ආරක්ෂාව සපයන මුහුදු ආරක්ෂකයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට  පී. සී. ආර්. පරීක්ෂණයේ දී තහවුරු වී ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.
 
සේවය අවසන් වීමෙන් පසු ඉරානයේ  සිට යාත්‍ර කරමින් තිබු නෞකාවකින්  පැමිණි මුහුදු ආරක්ෂකයින් තිදෙනෙකු  ඉකුත් 7වැනි දින ගාල්ල වරායෙන් ගොඩ බැස ඇති බවද පොලිසිය පවසයි.  මෙම මුහුදු ආරක්ෂකයින් තිදෙනා  ශ්‍රී ලාංකිකයින් වත අතර මොවුන් ගාල්ල වරාය තුළදි පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කොට ඇත.  මොවුන් තිදෙනා යලි නෞකාවක සේවයට වාර්තා කරණ තෙක්  මාගාල්ල ප්‍රදේශයේ හෝටලයක නතර වී නිරෝධායනය වෙමින් සිට ඇත. පී.සී.ආර් පරීක්ෂණවලදි මින් එක් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට ඊයේ (08) රාත්‍රී තහවුරු වී ඇති බව පොලිසිය පවසයි.
 
පසුව එම මුහුදු ආරක්ෂක නිලධාරියා අද (09) අලුයම කොළඹ අයි.ඩී.එච් රෝහලට පිටත් කරයැවීමට කටයුතු කළබැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.මොවුන් නතරවී සිටි හෝටලයේ දැනට මාස තුනක කාලයක සිට ඉන්දියානු මුහුදු ආරක්ෂක නාවිකයින් සිව්දෙනෙකු ද නතර වී සිටින ඔවුන් හා මෙකී හෝටලයේ කාර්ය මණ්ඩලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ  නිරෝධායනයට කිරීමට  තීන්දුකොට ඇති බවද ගාල්ල වරාය පොලිසිය පවසයි.



අදහස් (1)

ඉරානයෙන් ගාලු වරායට ආ මුහුදු ආරක්ෂකයකුට කොරෝනා

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 09 July 2020 11:02 AM

කෝවිඩ් වසංගත වෛරසය මේ වන විට සමාජයේ නොමැති බවට උපකල්පනය කළ හැකිය. එහෙත් පරිස්සම් වීම අත්‍යාවශ්‍ය දෙයකි. පිට රටවලින් පැමිණෙන අය නිසා මේ රෝගය ගැන දැන් දැන් පැතිරෙන බවට ජනතාව තුළ බියක් පැතිරයයි.. එහි සාධාරණ පැත්තක්ද ඇත. පෙර කාලයේ විඳි දුක ජනතාවට මතක ඇති බැවින් ඔවුන් එසේ බියවීම සිදුවෙයි. කෙසේ හෝ මේ පිටරටවල සිට පැමිණෙන අය නිසා දෙවන රැල්ලක් ඇති වීම ගැන සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයෙන් සිටීම වැදගත්...

:       0       55

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 534 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site