පාර්ලිමේන්තුවේ නව සැසිවාරයට නව උපායමාර්ගයක් යටතේ පිවිසීමට ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂය සැළසුම් කර ඇතැයි වාර්තා වේ.්
කොංග්‍රස් පක්ෂයේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අද (8) පැවැත්වෙන සාකච්ඡාවේදී එම උපායමාර්ගය තීරණය කිරීමට නියමිත යැයි ද වාර්තා වේ.
පක්ෂයේ පාර්ලිමේන්තු උපායමාර්ගික කණ්ඩායමේ ප්‍රධානීත්වය දරනු ඇත්තේ කොංග්‍රස් පක්ෂයේ සභාපති සෝනියා ගාන්ධි ය.
ඊට රාහුල් ගාන්ධි, ගුලාම් නාබි අසාද්ල ආනන්ද ෂර්මාල ඒ.කේ. ඇන්තනි, අහ්මෙඩ් පටෙල්ල ජයිරාම් ෂර්මා, කේ.සී. වෙනුගෝපාල්, අදීර් රන්ජන් චෞද්රි, ගෞරව් ගොගෝයි, කේ. සුරේෂ් මානික්කම් තාගෝර් සහ රන්වීත් සිං බිට්ටු යන පක්ෂයේ ප්‍රභලයන් සහභාගී වීමට නියමිත ය.
කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන්නේ ද සෝනියා ගාන්ධි ය. පාර්ලිමේන්තුවේ දී විමසිය යුතු ප්‍රශ්න සහ විවාදයට ගත යුතු කරුණු සම්බන්ධයෙන් මෙම කණ්ඩායම මෙහිදි සාකච්ඡා පවත්වනු ඇත.
භාරතීය ජනතා පක්ෂය සහ ෆේස්බුක් සමාගම ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය. ඉන්දු-චීන දේශසීමා අර්බුදය, වත්මන් ආණ්ඩුව කොවිඩ්-19 වසංගතය කළමනාකරණය කරන ආකාරයල රටේ ආර්ථික අර්බුදය සහ දළ දේශීය නිෂ්පාදිතය කඩා වැටීම, භාණ්ඩ සේවා බදු සහන, රැකියා අහිමි වීම සහ කෘෂිකර්මාන්තය මුහුණ පා සිටින අර්බුදය යනාදිය සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත ය.
විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ එක්ව කටයුතු කරමින් ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විරෝධයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ද කොංග්‍රස් පක්ෂයේ අවධානය යොමු වී තිබේ.
‘හින්දුස්තාන් ටයිම්ස්’
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd