IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඉන්දියාවේ ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ දොඩම් වෙළෙන්දා

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී)

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කුඩා ගම්මානයක දොඩම් වෙළෙන්දෙක් ’පද්ම ශ්‍රී’ සම්මානයෙන් පිදුම් ලැබුවේය. ’පද්ම ශ්‍රී’ යනු ඉන්දීය පුරවැසියකුට හිමිවන ඉහළම ගෞරව සම්මානයයි. 66 හැවිරිදි මුස්ලිම් ජාතිකයකු වන හෙරේකාලා හජබ්බා නමැති මෙම දොඩම් වෙළෙන්දාට ’පද්ම ශ්‍රී’ සම්මානය හිමිවූයේ ඔහු දොඩම් විකුණා ලබන මුදලින් ඔහු ජීවත්වන මැංගලූරු පළාතේ ගම්මානයේ කුඩා දරුවන් වෙනුවෙන් පාසලක් පිහිටවූ බැවිනි.

ආරම්භයේ දී පාසලේ අධ්‍යාපනය ලැබුවේ ගම්මානයේ දිළිඳු පවුල්වල දරුවන් 28 ක් පමණි. අද වනවිට ගම්මානයේ දරුවෝ 175 දෙනෙක් එහි අධ්‍යාපනය හදාරති. පාසල නඩත්තු කිරීම සහ දරුවන්ට ආහාර පාන සකස් කිරීම පවා සිදු කරන්නේ හජබ්බා අතිනි.

වසර ගණනක පටන්, හජබ්බාගේ ගම්මානයට පාසලක් ඉදිකරදීම සම්බන්ධයෙන් බලධාරීන් කිසිවකුගේ අවධානය යොමු වී නොතිබුණි. හජබ්බා දොඩම් විකුණන්නේ ප්‍රධාන බස් නැවැතුම්පොළේ අටවා ගත් කුඩා කුටියක සිටය. දොඩම් විකිණීමෙන් ඔහුට දිනකට ලැබෙන්නේ රුපියල් 150 ක් බව ද පැවැසෙයි. එසේ එක්රැස් කරගත් මුදල් යොදවා ගම්මානයේ දරුවන් වෙනුවෙන් ප්‍රාථමික පාසලක් ඉදිකිරීමට හජබ්බා තීරණය කළ බව පැවැසෙයි. ඔහුට ව්‍යාපාරිකයන් කිමිප දෙනකුගෙන් ද සහාය හිමිවිය.

'මට ඉගෙන ගන්න ලැබුණේ නැහැ. මා කතා කරන්න දන්නේ කර්ණාටක පමණයි. මට හින්දි බැහැ. ඉංග්‍රීසි බැහැ. මීට අවුරුදු ගණනකට කලින් මට විදේශිකයන් පිරිසක් හමුවුණා. ඔවුන් කී කිසිවක් වැටවුණේ නැහැ. එදා තමයි මට වැටහුණේ මට නොලැබුණු අධ්‍යාපනය මා මගේ ගම්මානයේ දරුවන්ට දිය යුතු බව. මගේ ගම්මානයේ දරුවන්ට මූලික අධ්‍යාපනයක් ලැබුණේ නැහැ. ඔවුන්ට ඉගෙන ගන්න ලැබුණොත් ඔවුන් මට වඩා උසස් තැනකට යාවි මගේ විශ්වාසය වුණා. ඒ අනුවයි මා කුඩා පාසලක් ආරම්භ කිරීමට කටයුතු කළේ' යැයි හජබ්බා පැහැදිලි කරයි.

හජබ්බාගේ පාසල ජනප්‍රිය වී, ඊට ඇතුළත් වූ දරුවන් ගණන වැඩි වෙද්දී, යාබද තවත් ඉඩමක් මිලදී ගෙන පාසල වැඩි දියුණු කිරීමට හජබ්බාට සිදුවිය. හජබ්බා ඔහු විසින් ඉතිරි කරනු ලැබූ මුදල් පමණක් නොව, අමතර ණය මුදලක් ද ලබා ගෙන ඉඩම මිලදී ගත් බව ද පැවැසෙයි. බලධාරීන්ගෙන් උදවු නොලැබුණත්, ව්‍යාපාරිකයන්ගෙන් සහ පාසල් දරුවන්ගේ මාපියන්ගෙන් ද ආධාර එක්රැස් විය.

ඉන්දියාවේ පුරවැසියෙකුට හිමිවන ඉහළම සම්මානය ලෙස 'පද්ම' සම්මාන සැලකෙයි. සම්මාන ලබා දෙන්නේ පද්ම විභූෂණ, පද්ම විභූෂණ සහ පද්ම ශ්‍රී ලෙසය. 'කොවිඩ් 19' වසංගතය නිසා පසුගිය වසරේ 'පද්ම' සම්මාන උළෙලක් පැවැත් නොවුණු අතර, එය මෙම වසරේ පැවැත්විණි. ඒ, ඔක්තෝබර් 8 සහ 9 වැනිදා නවදිල්ලියේ ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපති භවන්හිදීය.

'පද්ම' සම්මාන උළෙල පැවැත්වෙන්නේ ඉන්දිය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. වත්මන් ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් අතින් සම්මාන ප්‍රදානය සිදුවුණු අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සම්මාන උළෙලට පැමිණ සිටියහ. සම්මාන උළෙලේදී හජබ්බා ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී කතා කිරීමට අවස්ථාවක් උදාවුණු අතර, එහිදී මැංගලූරු ගම්මානයේ දරුවන් වෙනුවෙන් උසස් පාසලක් ඉදි කර දෙන්නැයි ද ඉල්ලීමක් කළ බව මාධ්‍ය වාර්තා කර තිබේ.

හෙරේකාලා හජබ්බා ට පමණක් නොව තවත් එකසිය දෙදෙනෙක් මෙවර 'පද්ම ශ්‍රී' සම්මානයෙන් පිදුම් ලැබූහ. ඊට අමතරව 'පද්ම විභූෂණ' සම්මාන 7 ක් සහ 'පද්ම භූෂණ' සම්මාන 10 ක් ද පිරිනැමීම සිදුවිය.

ඉන්දීය බැඩ්මින්ටන් ක්‍රීඩිකා පී.වී. සින්ධු, පාපන්දු ක්‍රීඩිකා ඔයිනම් බෙම්බෙම් දේවි, ගායක පණ්ඩිත් චනුලාල් මිශ්‍රා, මාධ්‍යවේදී ලාල්බිඅක්තංග පචුවා, බොලිවුඩ් සිනමාවට සම්බන්ධ එක්තා කපූර්, අධ්‍යක්ෂ කරන් ජොහාර් සහ මිය ගිය ගායක එස්පී බාලසුබ්‍රමනියම්ට ද සම්මාන හිමිවිය. හෙරේකාලා හජබ්බාට අමතරව, කර්ණාටක ප්‍රාන්තයේ 72 හැවිරිදි ගෝත්‍රික කාන්තාවක් වන උලසි ගෞඩා පරිසරය සුරැකීමට කළ දායකත්වය වෙනුවෙන් පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලැබුවාය. හජබ්බා මෙන්ම ඇය ද බොහෝ දෙනාගේ අවධානයට ලක් වූවාය. පාවහන් නොමැතිව, සාම්ප්‍රදායික ඇඳුමින් ඇය සම්මාන උළෙලට සහභාගී වූවාය.



අදහස් (4)

ඉන්දියාවේ ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ දොඩම් වෙළෙන්දා

SUNIL MILANO Thursday, 18 November 2021 05:20 PM

මිනිසුන් අතර දෙවියන්වන් මිනිසුන් සිටින බවට මෙය කදිම නිදසුනකි.

:       0       2

චන්දන Thursday, 18 November 2021 05:42 PM

ඒකට ශ්‍රී ලංකාවේ. දේශමාන්‍ය, භූමිපුත්‍ර‍වැනි සම්මාන දෙන්නේ දේශය, භූමියට ආදරය නොකරන දේශපාලඥයින්ට කඩේ යන අයට විතරයි. සැබෑ මිනිසුන් නිහඩව සේවය කරනවා.

:       0       1

ගමේ එකාලා Friday, 19 November 2021 01:10 AM

ඒකටත් එක්ක අපේ රටේ. .ජනතාව ගසාකන දුෂිත දේසපාලුවන්ටත් සම්මාන දෙනවා.

:       0       1

sahan Friday, 19 November 2021 04:56 AM

තරා තිරම නොබලා පිදිය යුත්තන් පුදන්න ඉන්දියානු ජන සමාජයට ප්‍රණාමය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1889 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1516 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site