මාරාන්තික කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය ගත් දැඩි පියවර හේතුවෙන් ඉතාලි ජනගහනයෙන් හතරෙන් එකකට වැඩි පිරිසක් නිවාසවලට කොටු වී ඇතැයි වාර්තා වේ.

රටවල් 95කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී තිබෙන කොරෝනා වයිරසය මේ වනවිට ලතින් ඇමෙරිකාවටත් ව්‍යාප්ත වී තිබේ. චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය නිසා 3,500කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබෙන අතර ආසාදිතයන්ගේ ගණන 100,000 ඉක්මවා ගොස් තිබේ. වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූයේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය.
චීනයෙන් පිටත වැඩිම කොරෝනා මරණ ගණනක් වාර්තා වී ඇත්තේ ඉතාලියෙනි.
පාසල්, කෞතුකාගාර, සිනමා ශාලා, රංග ශාලා, සමාජ ශාලා ආදී ජනතාව ගැවසෙන පොදු ස්ථාන සියල්ලම අප්‍රේල් 3 වැනිදා දක්වා වසා දැමීමට ඉතාලි බලධාරීහු අද (8) පියවර ගත්හ. මේ හේතුවෙන් උතුරු ඉතාලියේ නගර රැසක කටයුතු අඩපණ වී තිබේ. එම නගරවලින් අත්‍යවශ්‍ය හේතුවකට හැර පිටත්ව යෑම හෝ එම නගරවලට පැමිණීම තහනම් කිරීමට ද පියවර ගෙන ඇත.
ඉතාලි අග්‍රාමාත්‍ය ජුසෙප්පේ කොන්තේගේ නියෝග මත නව පියවර ගෙන ඇති අතර අදාළ නියෝගය එරට රාජ්‍ය වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට ද පත් කර ඇත.
නිරෝධායන ක්‍රියාවලිය හේතුවෙන් ඉතාලියේ මූල්‍ය අගනගරය වන මිලාන් සහ වැනීසිය ඇතුළු නගර රැසක මිලියන 15කට වැඩි පිරිසක් නිවෙස්වලට කොටු වී සිටිති.
ආර්ජන්ටිනාවෙන් පළමු කොරෝනා මරණය ඊයේ (7) වාර්තා වූ අතර ලතින් ඇමෙරිකානු කලාපයෙන් වාර්තා වූ පළමු මරණය එය විය.
කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවට අයත් සුඛෝපභෝගී නෞකාවක් ද සැන් ෆ්රැන්සිස්කෝ ආසන්න මුහුදේ නැංඟුරම්ලා ඇත. එම නෞකාවේ 21 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
කොරෝනා වයිරසය මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 30කට ව්‍යාප්ත වී තිබෙන අතර වයිරසයේ හේතුවෙන් එරට 19 දෙනකුට ජීවිත අහිමි වී තිබේ. නිව්යෝක් නුවර හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත.
ඒ.එෆ්.පී.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනාවටත් වඩා ඉතාමත්ම භයානක සහ නොමග යවන සුළු කටකතාවක් ලංකාවේ නූගත් අය අතර මේ දිනවල පැතිරෙමින් පවතිනවා. එයා නම් මෙම කොරෝනා ඉන්ෆ්ලුවෙන්සාව වැළඳී සුව වුණත් කවදා හෝ මියයන්නේ මේ විෂබීජය ඇඟේ සැඟවී තිබීමෙන් බවයි. මේ ගැන කිසිම පර්යේෂණාත්මක සත්‍යක් නැති අතර අමූලික සාවද්‍ය කටකතාවකි. මෙය සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සාවක් වුණත් පැතිරීම අති වේගවත් සහ වයස හැටට වැඩිඅයට නොසැලකිලිමත්කම නිසා ජීවිත හානි පවා විය හැකිය.
කොරෝනාව ඇල්වතුරෙන් දියකරන්නේ නැතිව සත්‍යය තේරුම්ගන්න.
ඕක විෂබීජයක් නෙවෙයි. වෛරසයක්. දෙකේ වෙනස තේරුම් ගන්න...
පිටිගල මිලානෝ, ගම අදාළ නැහැ. ඒ අතරේ දකුණේ එකෙක් නම්, ලඟට කිට්ටුවෙන්න බැහැ. මස් කෑල්ලක්, චීස් කෑල්ලක් කෑවාම ඇඟේ හොරි දාන තවමත් අමුඩේ ගහන නුඹලා වගේ අය ඉතාලියේ තියා ගන්නවාට, ඉතාලි රජයට වෙනම ගානක් දෙන්න ඕනෑ. අපි දන්නා විදිහට, ඉතාලියට ඉස්සරවෙලාම ගියේ වෙන්නප්පුවේ කාන්තාවන්...