(සුජිත් හේවාජුලිගේ)
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා අයගේ කාර්යක්ෂම (ගුණාත්මක) ප්‍රතිදේහ සති 16 ඉක්මවූ පසු සැලකිය යුතු ලෙස යුතු ලෙස අඩුවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂක කණ්ඩායමක් කළ පරීක්ෂණයකදී තොරතුරු හෙළිවී ඇත.
එම අඩුවීම සියයට 26.1ලෙස දැක්විය හැකි බව එම පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානියකු වන ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
කෙසේ වෙතත් කාර්යක්ෂම ප්‍රතිදේහ අඩු වී තිබුණත් ප්‍රතිශක්තිය ආශ්‍රිතව ඇති මතක සෛල ඉහළ කාර්යක්ෂමතාවයෙන් යුක්තව පවතින බව හෙළි වූ බවත් දෙවැනි මාත්‍රාව ගත් පසු ප්‍රතිදේහවල කාර්යක්ෂම ගුණනයක් මේ අනුව බලාපොරොත්තු විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
මේ අතර ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් අය තුළ සති 16 යනවිටත් හොඳ ප්‍රතිදේහ මට්ටමක් පෙන්නුම් කළ බව පැවසූ ජීවන්දර මහතා තරුණ අයගේ එම ප්‍රතිදේහ ප්‍රතිශතය සියයට අනූ අටක් ලෙස පැවති බවද සඳහන් කළේය.
වයස 70 ට වැඩි අයගේ එම ප්‍රතිදේහ මට්ටම සියයට 9 3.3 ක් ලෙස පැවති බවද ඔහු පැවසුවේය.
කෙසේ වෙතත් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගෙන අල්ෆා සහ ඩෙල්ටා වයිරස ප්‍රභේද ආසාදනය වු අයගේ එම ප්‍රතිදේහ මට්ටම ඉතා අල්ප වශයෙන් පැවති බව ඒ පරීක්ෂණයේදී හෙළි වී ඇත .
සාමාන්‍යයෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගෙන සති 8ත් 12ක් ත් අතර දෙවැනි මාත්‍රාව ලබාගත යුතු බවට නිර්දේශ ඉදිරිපත් කර තිබුණු නමුත් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ හිඟය නිසා අවාසනාවකට මෙරට ලක්ෂ පහකට වැඩි පිරිසකට එම එන්නතේ දෙවැනි මාත්‍රාව සති දහසයක් යනතුරුද ලබා ගැනීමට නොහැකි වූ බවත් ආචාර්යවරයා ප්‍රකාශ කළේය .
මේ තොරතුරු හෙළි වී ඇත්තේ ඇස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් 553 දෙනකු යොදාගෙන කළ කළ පරීක්ෂණයකදීය.
මේ පරීක්ෂණය සිදු කරනු ලැබුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සහ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.