(අජන්ත කුමාර අගලකඩ)

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (24) සවස හයට කොටුව  ජනාධිපති මන්දිරයේ දී පැවැත්වේ .

පොහොර ප්‍රශ්නය, ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ ,අයවැය ආදී  කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ හමුව පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

ආණ්ඩුවේ සියලුම මැති ඇමතිවරුන්ට මේ සඳහා සහභාගී වන ලෙස  ආරාධනා කර ඇත.