අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂ දෙක අද පරාජයට පත් විය.
මෙම අමාත්‍යංශ දෙකෙහි වැය ශීර්ෂ සඳහා අද රාත්‍රී ඡන්ද විමසීම පැවැත්විණි.
මහා නගර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 24ක් ලැබුණු අතර ඊට එරෙහිව ඡන්ද 38ක් ලැබිණි.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශ වැයශිර්ෂයේ 260 වැයශිර්ෂය වැඩි ඡන්ද 18 කින් පරාජය විය. වැය ශිර්ෂයට පක්ෂව ඡන්ද 20 ලැබුණු අතර විරුද්ධව ඡන්ද 38 ද ලැබිණි.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ 261 සිට 289 දක්වා සියලු වැය ශිර්ෂ පරාජයට පත් විය. පක්ෂව ඡන්ද 23 ක් ලැබුණු අතර විපක්ෂව 38 ක් ලැබිණි.
මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ 162 හා 311 වැය ශීර්ෂද පරාජය වූ අතර එයට පක්ෂව ඡන්ද 24 ද විපක්ෂව ඡන්ද 38 ද හිමිවිය.
ඡන්දය විමසන අවස්ථාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු රැසක් සභා ගැබේ නොසිටියහ.
COMMENTS
හොඳ වැඩේ. මේ අයගෙම අය වැයට ඡන්දේ දෙන්න මේ අයගෙම අයවත් උනන්දුවක් නැති එකේ මේ අයට රට ගැන ඇති කැක්කුම ගැන කවර කතාද
ආණ්ඩුව පරාදයි නේද
පාඨලී, ඔබට සුබ පැතුම්.
අපේ ඡන්දය ගන්නේ පාර්ලිමෙන්තු යන්න කියල. මන්ත්‍රී ඩොට් එල්කේ වලට ගියාම පේනවා අවුරුද්දට දින දහයට අඩුවෙන් පාර්ලිමෙන්තු ගිය අය ඉතාම වැඩියි කියල.අපි ඡන්දෙ දෙන්නේ කිසිම වගකීමක් නැති එවුන්ට කියල හිතෙනවා.මෙයින් පේනවා මොවුන්ට ඕනෑකම තියෙන්නෙ වරප්‍රසාද මිස රට ජාතිය ආගම නොවෙයි කියල.
කපෝති ගහන්න දැන් හොඳටම ලංඟයි.
ඡන්දය විමසන අවස්ථාවේ පවා පාර්ලිමේන්තුවට එන්න බැරි මහජන නියෝජිතයෝ අද ඉන්නේ. ඒත් ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ.
මේක හැම පැත්තකින්ම මහා විනාශකාරී ආණ්ඩුවක්. රටම විනාසයි .
පාර්ලිමේන්තුවට එන්න බැරි මහජන නියෝජිතයන් අපි අපේ බදු මුදල් වලින් කෝටි ගණන් වටිනා ප්‍රාඩෝ සහ වෙනත් දේවල් දෙමින් නඩත්තු කරන්නේ කුමකටද ?
225 ටම තවතවත් පඩි වැඩි වේවා ! තැපැල් ගාස්තු , ඉන්දන දීමනා පැජරෝ වල හා පාර්ලිමේන්තුවේ ආසන වල නිදා ගන්න කොට්ට වලටත් මුදල් පරිපුරක ඇස්තමේන්තු මගින් වත් වැඩි කර දෙත්වා ! එහෙමයි ආස .