
(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල සහභාගීත්වයෙන් ලබන දෙවැනි දා කොළඹ දී පැවැත්වෙන රැස්වීමට සහභාගිවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද තීරණය කර ඇත.
ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ,හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී පෙරේදා (23) රාත්‍රියේ පැවති අතර, ඊට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයෝ ද සහභාගී වූහ.
රට මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ක්‍රියාත්මක කළ යුතු විකල්ප යෝජනාවලියක් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් ලබන දෙවැනි දා කොළඹ දී එළි දැක්වීමට නියමිතය.
හවුල්කාර පක්ෂ එක්ව ලබන දෙවැනි දා කොළඹ දී පැවැත්වීමට නියමිත විශේෂ රැස්වීම සම්බන්ධයෙන් සහ එහිදී රට ගොඩනැගීම සඳහා ඉදිරිපත් කිරීමට යෝජිත විකල්ප වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇතැයි දැනගන්නට තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd