(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුව රටේ ආර්ථිකයට සිදුකර තිබෙන හානිය මුදල් අච්චු ගැසීමෙන් හෝ ඇමතිවරු හා රාජ්‍ය නිලධාරීන් තනතුරුවලින් ඉවත් කිරීමෙන් නිවැරදිකරගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති  වජිර අබේවර්ධන මහතා පැවසීය.

රට මුහුණ පා ඇති ආර්ථික අර්බූදය හමුවේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධව  බිල්ලෙක් මවමින් ජනතාව මුලා කිරීමට උත්සාහ දරමින් සිටින බව කී වජිර අබේවර්ධන මහතා මේ වනවිට රටවල් 184 ක් මුල්‍ය අරමුදලේ සාමාජිකත්වය දරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණුදෙනු කළ කිසිඳු රටක ආර්ථිකය කඩා වැටී නොමැති බවත් සඳහන් කළේය.

යම් රටක් කඩා වැටුණා නම් එසේ වූයේ  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් පොලී  මුදලාලිලා පසුපස ගිය නිසා බවත් වසර 73 ඇතුතුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත 16 වතාවත් ඉදිරිපත් වී තිබෙන බවත් අද (10)ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී අබෙිවර්ධන මහතා පැවසීය.