IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘ආගම මුල් කරගනිමින් තනි පුද්ගල ප්‍රහාර එල්ල විය හැකියි’

(හර්ෂණ තුෂාර සිල්වා)

පාස්කු ඉරිදා මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර එල්ල කළ සහරාන් ඇතුළු කණ්ඩායමේ ඉතිරි සාමාජිකයන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති නමුත් යුරෝපයේ මෙන් තනි පුද්ගල ප්‍රහාර එල්ල විය හැකි යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (9) පැවැසීය.

මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර එල්ල කළ කණ්ඩායමේ ඉතිරි ප්‍රධාන සාමාජිකයන් සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇතැයි ද කණ්ඩායමක් ලෙස ඔවුන්ට දැන් කිසිවක් කළ නොහැකි යැයි ද රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කීය.

මෙය එල්.ටී.ටී.ඊ. සංවිධානය මෙන් ත්‍රස්තවාදයක් නොවන බවත් ආගම මුල් කරගනිමින් කරන ත්‍රස්තවාදයක් බැවින් තනි පුද්ගලයකුට ඕනෑම දෙයක් කළ හැකි බවත් හෙතෙම කීය. 

කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති ආසියානු වෙරළ ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුව අවසානයේ දී මාධ්‍යවේදීන් ඇමතූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා එම කරුණු සඳහන් කළේය. 

එහිදි අදහස් දැක්වූ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙසේ ද කීය.

“සහරාන්ගේ කණ්ඩායම මුළුමනින්ම පරාජයට පත් කරලා තියෙන්නේ. ඉතිරි වී සිටි ප්‍රධාන සාමාජිකයන් සියලු දෙනා අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඔවුන්ට කණ්ඩායමක් ලෙස කිසිවක් කරන්න බැහැ. එහෙම වුණත් මේක එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය වගේ නෙමෙයි. ආගම මුල් කරගනිමින් කරන දෙයක්. ඒ නිසා තනි තනි පුද්ගලයන් ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. අපි යුරෝපයේ රටවල එවැනි ප්‍රහාර දැක්කා. ඒ නිසා ඒ අවදානම තිබෙනවා. ඒ නිසා එවැනි දේවල් වළක්වා ඇතැයි අපිට කියන්න බැහැ. එහෙම වුණත් අපි ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නේ.

ඒ වගේම පහුගිය දින කිහිපයේදී සාමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු පැතිර ගියා. බොරු දේවල් ගොඩක් ප්‍රචාරය වුණා. පහුගිය ඉරිදා තේවත්ත පල්ලියේ දේව මෙහෙය පවා නවත්තලා තිබ්බා. මේ වගේ කටකතා ගොඩක් ප්‍රචාරය වුණා. ඒ නිසා පොලිසිය, ආරක්ෂක අමාත්‍යාංශය කරන ප්‍රකාශ, නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

ෂරියා නීතිය යටතේ ඝාතන කළා නම් පොලිසිය ඒ බව දැනගන්නවා. එහෙම දෙයක් අපට දැනගන්නට ලැබිලා නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ කරන ලද ප්‍රකාශයට සම්බන්ධයෙන් සීඅයිඩිය ආරක්ෂක අංශ පියවර ගනිමින් ඉන්නවා. බොරු සමාජගත කරන පිරිස්වලට එරෙහිව අපි දැඩි පියවර ගන්නවා. පොලිසිය ඒ සම්බන්ධයෙන් පියවර ගන්නවා.”

ඡායාරූප - ශාන්ත රත්නායක



අදහස් (4)

‘ආගම මුල් කරගනිමින් තනි පුද්ගල ප්‍රහාර එල්ල විය හැකියි’

ajith Tuesday, 09 July 2019 11:15 AM

ඔබතුමා කිව්වට ඕක ආගම මුල්කර ගත්තු ත්‍රස්තවාදයක් කියලා... නායකතුමා කියන්නෙම ගෝලීය ත්‍රස්තවාදය කියලනේ...

:       0       19

මොහමඩ් සින්න තම්බි Tuesday, 09 July 2019 11:32 AM

ෂරියා නීතිය යටතේ ඝාතනය කළා නම් පොලිසිය ඒ බව දැනගන්නවා. එහෙම දෙයක් අපට දැනගන්නට ලැබිලා නැහැ. සත්‍ය කවදා හෝ ජයගනීවි.. ඒ සඳහා ගොඩක් කල් ඉවසිය යුතු නැත.

:       0       41

දිමුත් Tuesday, 09 July 2019 12:38 PM

එහෙනං ආගමෙයි ප්‍රශ්නෙ තියෙන්නේ. ඒකට පිළියමක් යොදන්න.

:       10       0

Chanak los angeles Tuesday, 09 July 2019 08:50 PM

එහෙම වෙනවානම් අනිවාර්යයෙන්ම සාටකලා දන්නවා.. මන්ද හෙලිවෙන කරුණු අනුව ඒ සංවිධානය පෝෂණය කරලා තිබෙන්නේ ඔවුන් නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site