IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


අසම්පූර්ණ විමර්ශන ගොනු 38 ක් නීතීපති ආපසු හරවා යවයි

(මනෝප්‍රිය ගුණසේකර)
 
පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ සැකකරුවන්ට එරෙහිව ගතයුතු නීතීමය පියවර පිළිබඳව උපදෙස් ඉල්ලා රහස් පොලිසිය ඇතුළු  විවිධ පොලිස්ථාන වලින් නීතීපතිවරයාට එවා තිබු තවත් අසම්පුර්ණ විමර්ශන ගොනු 38 ක් නීතීපතිවරයා විසින් ආපසු හරවා වැඩබලන පොලිස්පතිවරයාට අද  (07)  යවන ලදී.
 
පාස්කු ප්‍රහාරයට අදාළව මීට පෙර අවස්ථාවකදීත් අසම්පුර්ණ විමර්ශන ගොනු 40 ක් නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා ආපසු හරවා යවන ලද අතර මේ අනුව පාස්කු ප්‍රහාරයට අදාළව රහස් පොලිසිය ඇතුළු විවිධ පොලිස්ථාන වලින් සිදුකළ විමර්ශන වලට අදාළ අසම්පුර්ණ විමර්ශන ගොනු 78ක් නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ආපසු හරවා යවා ඇතැයි කී නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය එම අසම්පුර්ණ විමර්ශන ගොනු නොපමාව හරියාකාරව සිදුකර උපදෙස් සඳහා යළි තමන්ට එවන ලෙස නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව උපදෙස් දුන් බවද පැවසුවාය.
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන උධෘත ගොනු නීතීපති උපදෙස් සඳහා විවිධ පොලිස්ථාන වලින් නීතීපති දෙපාර්තමෙන්තුට ලැබී ඇති බවත් එම විමර්ශන ගොනු වලින් බොහෝ ප්‍රමාණයක් විමර්ශන අවසන් කොට ඇති බව සඳහන් කොට තිබුණත් විමර්ශන අසම්පුර්ණ හා කිසිඳු නීතීමය පියවරක් ගත නොහැකි අසම්පුර්ණ ගොනු බව පෙනී ගොස් ඇති බවත් නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් දැනුම් දී ඇත.

එලෙස කිසිඳු නීතීමය පියවරක් ගත නොහැකි අසම්පුර්ණ විමර්ශන ගොනු 40 ක් මුලිකව නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ආපසු බාරදී ඇති අතර ඉන්පසු ඊයේ දින තවත්  අසම්පුර්ණ විමර්ශන ගොනු 39 ක් නීතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට ආපසු බාරදී ඇත.
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලා ඉදිරිපත් කොට ඇති අසම්පුර්ණ ගොනු ඉදිරියේදීත් මේ ආකාරයටම ආපසු බාරදීමට කටයුතු කරන බව නීතීපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට වැඩිදුරටත් ලිඛිතව දැනුම් දී ඇත.
 
 මෙම අසම්පුර්ණ  විමර්ශනයන් නොපමාව හරියාකාරව සිදුකර එම සම්පුර්ණ විමර්ශන ගොනු උපදෙස් සඳහා යළි තමන්ට එවන ලෙස නීතීපතිවරයා විසින් පැහැදිලිවම වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බවද නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.



අදහස් (2)

අසම්පූර්ණ විමර්ශන ගොනු 38 ක් නීතීපති ආපසු හරවා යවයි

Dammika Pereera Tuesday, 07 July 2020 12:09 PM

මහත්වරුන් දෙදෙනාම අතර දේශපාලනය පවතින බව මට පෙනේ. ඔබ දෙදෙනාම වැටුප් ප්‍රතිලාභ සඳහා නියමිත වේලාවට අපගේ බද්ද ගෙවන ජාතියේ අපේක්ෂාව මෙය නොවේ. අප සියලු දෙනා බලා සිටින සිද්ධියේ දයාව එක්රැස් කර පෙන්වීමට වැඩ සඳහා .. !!!!!

:       0       0

Indrajith Wednesday, 08 July 2020 12:54 AM

කවද්ද මෙයාලා ආරක්ෂා කරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site