(නිමන්ති රණසිංහ)
පාස්කු ඉරිදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 31 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කොළඹ ප්‍රාධාන මහේස්ත්‍රාත් බුද්ධීක ශ්‍රී රාගල මහතා අද නියෝග කළේය.
හෘදයාබාදයක් හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි සැකකාර අසාද් සාලි මහතා නිරීක්ෂණය කිරීම සදහා අද සවස එම රෝහලට ගිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත සැකකරු එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
1978 ත්‍රස්වාදය වැළැක්වීමේ පනත, ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 291 (අ) සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර සම්මුති පනත ප්‍රකාරව නිතිපති උපදෙස් මත අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත රදවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටි මෙම සැකකරුගේ ප්‍රශ්න කිරීම් අවසන් කර ඇති බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මෝසමක් මගින් අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු නිරීක්ෂණය කළ අධිකරණය ඔහු රක්ෂිත බන්ධානාගර ගත කර බන්ධනාගාරය භාරයේ ප්‍රතිකාර අවසන් වන තෙක් රෝහලේ රැදී සිටීමට අවසර ලබා දුන්නේය.
COMMENTS
රංජන් රාමනායක මිනී මරලා නැහැ. ත්‍රස්තවාදී වැඩවලට සම්බන්ධ නැහැ. ඉක්මණටම හිරේ දැම්මා එක වචනයක් නිසා.. නමුත් මේ මනුස්සයාට ගොඩක් චෝදනා තියෙනවා.. ඇයි තීන්දුවක් දෙන්නේ නැත්තේ? පුදුම රටක අපි ඉන්නේ.. තලෙයිබාන් අයටම කියලා විසඳුමක් ගන්න ඕනේ...
පාස්කු ප්‍රහාරය ආගම්වාදය සමඟ දූෂණය නොකරන්න! නියම වැරදිකරු අපි සොයා ගත යුතුයි, එය කාලීන අවශ්‍යතාවයකි.
අනිවාර්යයෙන් රටට කෙල වෙනවා නම් සන්තෝසෙන් බලන් ඉන්න පුද්ගලයෙක්.
මෙයාලට සේරම ලෙඩ මතුවන්නේ පරීක්ෂණ කරන්න අත් අඩංගුවට ගත්තට පස්සේ. එළියේ හිටිය නම් බලන්න තිබුණ රඟපාන හැටි. ඇෆ්ගනිස්ථාන නව පාලනයටත් දැන් එහෙනම් සුබ පතලා. එළියට දාන්නම එපා. ඩබලම ඇතුළෙ ඉන්න අරින්න. මස්සිනාට කරපු දේ කරන්න එපා.
ඔය හම්බ වෙන්නේ ලස්සනට. මෙයාට ක්‍රීයාත්මක වෙන්න ඕනේ ෂර්යා නීතිය. බර කඩුවක් දුන්නොත් මම අළුගෝසු වැඩේ කරන්නම්.
සිංහල, මුස්ලිම් සමගිය නැති කරපු ද්‍රෝහියෙක්..
රිමාන්ඩ් කිව්වට හෝටලේක සැප ඇති. අන්තිමට නිදොස්කොට නිදහස් වෙයි . ඕකනේ කතාව
මෙයත් පාස්කු ප්‍රහාරය සම්බන්ධවද ?එහෙනම් රට වහන්න අවශ්‍ය වෙන්නේ නැහැ
මෙයා නේද අපේ රටේ ‘‘ශරියා නීතිය‘‘ නැතිව ඉන්න බැහැ කිව්වේ? දැන් මෙයාට ගැලපෙන රටක් බිහිවෙලයි තියෙන්නේ. ‘‘ඇෆ්ගනිස්ථානය‘‘ හිරෙන් නිදහස් වෙච්චි ගමන් අන්න එහාට යවන්නයි තියෙන්නේ...