(යොහාන් භාසුර)
වෙළඳපොලේ කුකුල් මස් මිල පැවැති මිල මෙන් දෙගුණයකට ආසන්න මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයෝ චෝදනා කරති.
කුකුල් මස් කිලෝවක අද (11) පෙරවරුවේ මිල රුපියල් 675 ත් 800 ත් අතර පැවතුණි.
සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික අරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ කුකුල් මස් රජයේ උපරිම මිලට පමණක් අළෙවි කිරීමට කුකුල් මස් නිෂ්පාදකයින් එකඟ වූ බවයි.
කුකුල් මස් නිෂ්පාදකයින් සමඟ කළ සාකච්ඡාවේදී ‘බෙයිලර්’ වර්ගයේ මස් රජයේ පාලන මිල වන රුපියල් 430 කට සහ ශිත නොකළ මස් රුපියල් 375 කට අළෙවිකරුවන්ට ලබාදීමට නිෂ්පාදකයන් එකඟ වූ බවත් සිංහල හා දෙමළ අලූත් අවුරුදු සමයේ කුකුල් මස් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යෑම රජයටත් ගැටලූකාරී බවත් අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd