IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අවබෝධතා ගිවිසුමකට යන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැමැත්ත

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතික පක්ෂයේ පදනම ආරක්ෂා කරගනිමින් සමගි ජනබලවේගය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (04) තීරණය කළේය. කෙසේ වෙතත් එය ඒක පාර්ශ්වික තීරණයක් පමණි.
එවන් ගිවිසුමකට එළඹීමට සූදානම් බව හෝ ඊට කැමති නැතහොත් අකමැති බව සම්බන්ධයෙන් සමගි ජනබලවේගය පාර්ශ්වයෙන් ප්‍රකාශයක් නොකෙරිණ.


මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නීතීඥ මණ්ඩලයක් වෙත වගකීම් පැවරීමටද කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබිණ.

මහමැතිවරණය සඳහා නාමයෝජනා සැකසීමට  එක්සත් ජාතික පක්ෂයේ  නාම යෝජනා මණ්ඩලය මෙහිදී පත්කරගත් අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උපනායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, මහලේකම් අකිල විරාජ් කාරියවසම් සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ කබීර් හෂීම් යන මහත්වරුන් එම නාමයෝජනා මණ්ඩලයේ සාමාජිකත්වය දරති.

එමෙන්ම ඉදිරි මහමැතිවරණය සඳහා අලියා ලකුණින් තරඟ කිරීමටද එහිදී තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවැසීය.

අඩියක් පස්සට තබා සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පාර්ශ්වය සමඟ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බවද මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ  මූලස්ථානයේදී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්විණි.



අදහස් (2)

අවබෝධතා ගිවිසුමකට යන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කැමැත්ත

lalithm Thursday, 05 March 2020 02:53 AM

වෙන මොනවා කරන්නද? නිවැරදි කාලයේ නායකත්වය අත්හැරීමට බැරි වීම නිසා පක්ෂය කා දැමු ලෝකයේ එකම පක්ෂ නායකයා මොහු විය යුතුයි. තවමත් ඩීල් දමනවා වගෙයි. කොළඹින් ඇපත් නැතිව ගෙදර යවන්න ඕනේ.

:       506       298

kamal koyrala Thursday, 05 March 2020 07:56 AM

සියලුම එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ කැමැත්ත අලියා ලකුණ, පක්ෂය රැකගන්න නම් අලියා සහ අත නැවත ආ යුතුයි.

:       0       250

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 108 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site