එෆ්.අස්ලම්
ඉරානයේ අල් මුස්තෆා නැමති විශ්ව විද්‍යාලය ඌව පළාතේ සිදුකර ඇති උපාධි පාඨමාලාව සිය ආයතනවල අවසරයකින් හෝ අනුමැතියකින් තොරව පවත්වාගෙන ගොස් ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඌව පළාත් දමිළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා වෙත දැනුම් දී තිබේ.
එමෙන්ම මෙම සරසවිය විසින් සිදුකරන ලද උපාධි පාඨමාලාව පිළිගත් උපාධියක් ලෙස පිළිනොගන්නා බවත් එම උපාධියට අනුව රැකියා ද මෙරට තුළ දිය නොහැකි බවත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවද දැනුම් දී තිබිණි.
බදුල්ල සරස්වතී ජාතික පාසල,පස්සර දෙමළ විදුහල,බණ්ඩාරවෙල දෙමළ මහා විදුහල සහ හපුතලේ දෙමළ මහා විදුහල කේන්ද්‍රගතව වසරකට අධික කාලයක් ඉරාන දේශපාලනය හා ඉස්ලාම් ධර්මය හා අරාබි භාෂාව සදහා උපාධි දේශන සිදුකර ඇති බවත් පළාතේ ප්‍රධාන ඉස්ලාම් මව්ලවිවරුන්ද මෙකී උපාධී පාඨමාලාව මූලධර්මවාදී ඉස්ලාම් න්‍යායන්ට අනුව සිදුකර ඇතැයි කියමින් ප්‍රතික්ෂේප කර ඇත.
එසේ තිබියදී බදුල්ල දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද කුමාර්ගේ මැදිහත්වීමෙන් නීතිවිරෝධීව පාසල් උපයෝගී කරගනිමින් පාඨමාලාව සිදුකර තිබිණි.
මේ සම්බන්ධයෙන් ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොන්ඩමන් මහතා විසින් ආරම්භ කර තිබෙන අතර ඒ සදහා වාර්තා කිහිපයක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම,උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් කැඳවා ඇත.
එම වාර්තාවලට අනුව මෙම විශ්ව විද්‍යාලය මෙරට ලියාපදිංචියකින් හෝ අවසරයකින් හෝ අනුමැතියකින් තොරව මෙකී පාඨමාලාවන් සිදුකර ඇතැයි පැහැදිලිව සදහන් කර ඇති බවට සෙන්දිල් තොන්ඩමන් මහතා අවධාරණය කළේය.
එමෙන්ම මේ පිළිබද පුළුල් විමර්ශනයක් සිදුකිරීම සදහා තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට සහ පොලිසියට පැමිණිල්ලක් සිදුකරන බවද අමාත්‍යවරයා සදහන් කර සිටියේය.

COMMENTS
ඉරානයේ හෝ අන්තවාදී රටවල අයට කිසිම දෙයක් මෙහේ උගන්වන්න දෙන්න එපා වගේම වීසා දෙන එකත් අඩු කරන්න ඕන. අහලා තියෙන විදියට ඔවුන් ලංකාවේ පාරම්පරික මුස්ලිම් අය අදහන ආගමෙන් එහාට ගියපු අන්තවාදීන්. ඔවුන් වගේම සවුදි ආධාර සහ ණය එක්ක දෙන ගිනි ගෙඩි තමයි මේ. පාරම්පරික මුස්ලිම් උදවිය පෙරට ඇවිත් මේ අය එලවන්න උදව් වෙන්න ඕන. අනික පාලකයෝත් දැනගන්න ඕන මේ වගේ රටවලින් ආධාර උපකාර ගනිද්දී පරිස්සන් වෙන්න.
එතකොට මේ වැනි ආයතන ගැන හොයන්න UGC එකට හරි අධ්‍යාපන දෙපාර්තමේන්තුවට හරි බැරි වුණා ද ? නැත්නම් දේශපාලන බලපෑම් මත නිහඬව සිටියද ? මේවා මහා භයානක දේවල් නේද. මොළවලට වස දැම්මාම ඇඟ පුපුරවා ගන්නවා.
බලපුවම අරයට මෙයාට වැරදි කිව්වට ඒකටත් අවසර දීලා මැදිහත්වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී උත්තමයෙක්.
අපේ අය ඔවැන්නක් කලා නම් කොහොමට හිටීද?
දෙයියනේ කොහොමද මේවා සිද්ධ වෙන්නේ?? වෙන රටකින් ඇවිත් මේ රටේ පාසල්වල උපාධි පාඨමාලා උගන්නනකම් මේ රටේ බලධාරීන් කොහෙද හිටියේ ?? ඒකටත් යහපාලකයෙක් සම්බන්ධ වෙලා. කාගෙ හයියක්ද තිබ්බේ කියලා දැන් පැහැදිලියි නේද ??
මේ බෝම්බ පිපිරිම සිදු උනේ නැත්නම් මේ කිසි කතාවක් එලියට එන්නේ නැතුව ඉදිරියටම යනවා. මට පෙනෙන හැටියට රටේ පාලකයන් කියල කොට්ටාශයක් ඉදලම නෑ
පිටරටක ගුරුවෘත්තියක් ලබා ගැනීමට උපාධි දැනුමක් තිබුණත් ලේසි නැහැ. ඉතාම තද පරීක්ෂණයකින් සමත් වී ඒ රටේ පාඨමාලාවක් කළ පසුයි එය ලබාගත හැක්කේ. නමුත් ලංකාවේ නම් පිටරටකින් එන ඕන කෙනෙකුට ලංකාවේ ගුරුවරයෙකු වීමට ඉතා පහසුය.
දැන් තමයි ඔක්කොම හොයන්නේ.
මුළු ලෝකයේම කුණු ගොඩ ලංකාවයි. තව තවත් කුණු තිබේනම් ගෙනත් දාන්න..... සියළු කුණු බාර ගැනීමට සූදානම් පාලකයන්ද බුදියාගන ඒ ලිපි සඳහා අත්සන් කර අනුමැතිය දීමට සූදානම්.
මේ ගිහින් තිබෙන විදිහට ලංකාව අරාබියට විකිණිලාද කියන්නත් බැහැ......
කොන්දක් කියල දෙයක් ඔය ශරීර කුඩුවේ කොතැනක හරි තියෙනවා නම්... යකෝ ඕවාසේරම හමුදාව සතුකරගනිල්ලා.. නැතිනම් පහුවෙනකොට අපිව මරන්නේ උඩින් ඇවිත් ඇසිඩ් ගහලයි... මොලෙන් වැඩ ගන්න ඕනේ දැනුයි.