(විනීතා එම් ගමගේ)
කිලෝ මීටර් 1500 ක් දිගින් යුතු අලිවැට මේ වසරේ ඉදිකර අවසන් කරන බව වනජීවී සහ වන සම්පත් අමාත්‍ය සී බී රත්නායක මහතා පවසයි.
මේ වනවිට අවශ්‍ය කෙරෙන සියලු උපකරණ මිල දී ගෙන අවසන් බවත් අනුරාධපුර, පොලොන්නරුව, හම්බන්තොට, පුත්තලම ඇතුළු ප්‍රදේශවල මෙම අලි වැට ඉදිකරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
මෙයින් කිලෝ මීටර් 1000 ක් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකිරීමටත් 500 ක් පෞද්ගලික අංශයට දී ඉදිකරවීමටත් කටයුතු කරන බව ද රත්නායක මහතා පැවසීය.
ඉදිකෙරෙන අලි වැටට පිටින් හණ වගාවක් සිදුකිරීමට ද පියවර ගන්නා බව කී අමාත්‍යවරයා හණ පැල මිලියන පණහක් වැවීමට බලාපොරොත්තු වන බවත් අවශ්‍ය හණ පැල ප්‍රදේශවාසින් ගෙන් ටෙන්ඩර් කැඳවා ලබා ගැනීමට ත් පියවර ගන්නා බව කියා සිටියේය.
එම වගාවෙන් ලබා ගන්නා හණ කෙඳි දේශිය හස්ත කර්මාන්ත සඳහා යොදා ගැනිමට නියමිත යැයි කී ඔහු දිනකට කිලෝමීටර් දෙකක පමණ හණ සිටුවිය හැකි යැයි ද කිය.
එමෙන්ම අලි වැට ඇතුල් පැත්තෙන් එම ප්‍රදේශවාසින් ගේ කර්මාන්තයක් වශයෙන් මී මැස්සන් ඇති කිරීමට සැලසුම් සකසා ඇතැයි ද ඒ සඳහා ප්‍රදේශවාසින්ට මීමැසි පෙට්ටි බෙදා දීමට පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
ඒ වෙනකල් මියයන මනුස්ස ජීවිතවලට, වගා හානිවලට වගේම අලි ඇතුන්ගේ ජීවිතවලට වගකියන්නේ මේ මහත්තයාගේ අප්පොච්චද? ඒවගේ ප්‍රශ්නවලට දිනපතා මුහුණදෙමින් ඉතාම දුෂ්කර ජීවිත ගෙනයන අහිංසක ගැමියන්ට විතරයි මේ ප්‍රශ්නයේ බරපතලකම තේරෙන්නේ. මහජනතාවගේ වියදමෙන් කොළඹ සැප මාලිගාවල සැප ජීවිත ගෙනියන පින්බත් රජාලට නෙවේ. අවුල තියෙන්නේ එතනයි.
ඔයිට වඩා හොඳයි අපේ කැලෑවල් වටේටම ලොකු පවුරක් හදන එක. එතකොට කාටවත් කැලෑ කපන්න බෑ.
ඔය ගහන වැටවල් පතෝල මැස්ස වගේ නැතිව ටිකක් හයි හත්තියට ගැහුවා නම් තමයි හොඳ... නැත්නම් අලි ඒවා කඩන්නේ වලිගෙන් ගහලා. අන්තිමට කෝටි ගණන් ගිහින් තිබුණාට වැටවල් බිම...