බන්ධනාගාරයේ අලුගෝසු තනතුර සඳහා නැවත අයදුම්පත් කැඳවා ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී. ධනසිංහ මහතා පවසයි.
අලුගෝසු තනතුරට අයදුම්පත් කැඳවනු ලබන්නේ තෙවැනි වරටය. මීට පෙර අයදුම්පත් කැඳවු අවස්ථාවේ දී පුද්ගලයන් තෝරා ගැණුන ද ඔවුන් තනතුර අතහැර යාම හේතුවෙන් නැවත අයදුම්පත් කැඳවා තිබේ.
අයදුම්කරුවන් සාපෙළ විභාගය සාමන්‍ය සාමාර්ථ දෙකක් සහිතව සමත් විය යුතු අතර වයස අවුරුදු 45 නොඉක්මවිය යුතුය. කලින් කැඳවු අයදුම්පත් නැවත සළකා බලන බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
(28535)
ව්‍යාජ ලේඛන යොදාගෙන අත් ඇක්ටර් මුවාවෙන් සුපිරි මෝටර් රථ ගෙන්වීමේ වංචනික ක්‍රියාවක් පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අන
ජාතියේ පියා ලෙස විරුදාවලිය ලත් නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ 73 වන ගුණ සමරු උත්සවය කොළඹ 07 නිදහස් චතුරස්‍රයේදී
මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර- රඹුක්කන කොටස 2026 වසර අවසානයේ නිමකිරීමට බලාපොරොත්තු වන බව මහාමාර්ග , වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා
මෙවර පළාත් පාලන මැතිවරණයට බණ්ඩාරගම බණ්ඩාරගම පළාත් පාලන ආයතනය සඳහා 36 කුගෙන් යුත් නාමයෝජනා පත්‍ර අඩංගු ගොනුවේ අවසන් පිටුව කළුතර දිස්ත්‍රික් මැතිවරණ මහ
බණ්ඩාරවෙල සිට වැල්ලවාය බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (23) පස්වරුවේ බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෝව ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක සහ වෑන
බේරුවල අඹේපිටිය ඩයස් වත්ත ප්‍රදේශයේ දෙපාර්ශවත් අතර ඇතිවූ මුදල් ගනුදෙනුවක් මුල් සිද්ධියක් සම්බන්ධයෙන් ගැටුමක් දුරදිග යාමෙන් ඇසිඩ් ප්‍රහාරයක් එල්ල
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
අලුගෝසු තනතුරට යළි අයදුම්පත් කැඳවයි
sandy123 Monday, 11 February 2019 04:55 AM
කෝටියක් දීලා හරි මේ තනතුර පුරවන්න. මොකද එල්ලන්න ඉන්න අය ගොඩක් ඉන්නවා. නැතිනම් ඔවුනුත් පුලුවන් නම් තව කීයක් හරි දීලා ඔය අැබෑර්තුව හිස්ව තියන්න මානබලයි.
hasantha Monday, 11 February 2019 05:06 AM
දැන් කාලේ එල්ලලා මරන්න උවමනා නෑ. තුවක්කුවක් දුරස්ථව ක්‍රියා කරවන්න තිබ්බ නම් හරි.
Sapumal. Monday, 11 February 2019 05:16 AM
මරණීය දණ්ඩනය පැමිණවීමෙන් මිනිසෙකු පත්වෙන තත්වය දුක්ඛිත වුවද, රට වනසන කුඩුකාරයන්, පාතාලයන්ගෙන් රට බේරා ගැනීමට එසේ කිරීම ඉක්මනින්ම කල යුතුව පවතී. සාමකාමී නොවන මැරයන් හා දාමරිකයන් සමාජයෙන් ඉවත්කොට රටේ සාමකාමී මහජනතාව රැකීම සඳහා එම දඬුවම ක්‍රියාත්මක කල යුතුමය. එහෙත්, පොලිස්පති තුමා, ලතීෆ් මහතා ඇතුළු වගකිවයුතු නිලධාරීන්ද, රහස් පොලීසියද වගකීමෙන් සිහිතබා ගත යුතු දෙයක් ඇත. සමහර පොලිස් නිලධාරීන් බොරුවට කුඩු දමා අහිංසකයන් අමාරුවේ දැමීමට තියෙන සියලු ඉඩකඩ වසා දැමිය යුතුය. මරණීය දණ්ඩනය හිමිවිය යුත්තේ නියම වරද කරුවාට පමණය. කාගේ හෝ පළිගැනීමකට අහිංසකයෙකුගේ බෙල්ලට තොන්ඩුව වැටුනහොත්, එය අහස පොලොව නුහුලන අපරාධයකි. එය අප සැමද තරයේ සිහිතබා ගතයුතු කරුණකි.
sandy123Monday, 11 February 2019 06:08 AM
සපුමල් - සහතික ඇත්ත. මෙහි ඇති ඛේදවාචකයද එයයි. මිනිසුන් දෙපාරක් මේ ගැන හිතන්නේ ඒකයි. නිවරදිකරුවෙක් දඩුවම් විදිනවා කියන්නෙත් මහා පොලව නුහුලන අපරාධයක්. එහෙව් එක මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ගැන කුමන කතාද? 88-89 කාලේ කෙතරම් අහිංසක ජීවිත මිය පරලොව ගියාද භීෂණය මුවාවෙන්. හැම එකක්ම මේ ගිණුමට බැර කරන සම්භාවිතාව වැඩියි. එනිසා මෙය ඉතා පරිස්සමින් ක්‍රියාත්මක කරන්න සියලුම දෙනා බැදී සිටින වගද දැනුම් දීමට කැමතයි.
Sapumal.Monday, 11 February 2019 06:46 AM
සැන්ඩි මහතා, ඔබතුමා නිවැරදියි.
RaveendraMonday, 11 February 2019 10:16 AM
සපුමල් මයාවෙත, ඔබගේ අදහස් අප අගය කරන්නෙමු. එමෙන්ම හැකි ඉක්මනින් මෙය ක්‍රියාත්මක කළ යුතුය. මක්නිසාද යත් සමාජයට අහිතකර මිනිසුන් එයින් ඉවත් කල යුතුමය. ඔබ පැවසූ පරිදි අහිංසකයන් මෙසේ නිකරුනේ දඬුවම් ලැබුවොත් එයට අදාල නිලධාරීන් වන්දි ගෙවනු නියතය. මානසිකව අනේක වාරයක් දුක්විඳිනු ඇත. එය භෞතිකව දුක්විඳිනවාට වඩා භයානකය. කෙසේවෙතත් අප ගොරක ඵල ඉන්දවා ඇපල් ඵලදාවක් බලාපොරොත්තු වන්නේ නම් එය විහිළුවකි. මෙය ඔබට, අපට මෙන්ම සියල්ලන්ටම පොදු සාධකයකි. පොලිස් නිලධාරින්ටද එක හා සමානයි.
ravi Monday, 11 February 2019 05:42 AM
ඉස්සෙල්ලම අත්සන්කරන්න ඒ.. ලියකියවිලි තිබුනේ නැහැ.. ඊට පස්සේ එ්ක අත්සන් කරන්න පෑනක් තිබුනේ නැහැ.. ඊට පස්සේ එල්ලන්න කඹයක් තිබුනේ නැහැ.. දැන් ඉතින් අලුගෝසුවෙකුත් නැහැ... ඉතින් අලුගෝසුවත් හොයාගත්තට පස්සේ්... එල්ලන්න හිටපු අයත් නැතිවෙයිද දන්නේ නැහැ..!
දිමුත් Monday, 11 February 2019 05:52 AM
නාමල් කුමාරට ඉල්ලන්න පුලුවනි.
රවින් Monday, 11 February 2019 06:24 AM
අපරාදේ අර එල්ලන්න ඉන්න කට්ටියගෙන් සම්තින් එකක් කඩා ගත්තු කට්ටියට පාඩුයිනේ. ලොකු ලොකු පුටුවලටත් පාඩුයි. අර එන් ජි ඔ කාරයෝ ටිකට? කීදෙනේක්ගේ බඩේ පාර වදිනවාද?
මංජුල බිරැට් Monday, 11 February 2019 06:44 AM
මෙකටත් පාතාලේ කෙනෙක්ම දැම්මනම් ඉවරනේ පාරවල් දිගෙ මරාගන්න එක සතුටින් වැඩෙ කරතැකි
sandy123 Monday, 11 February 2019 08:05 AM
මංජුල බිරැට් - මේකට හැම පාතාල සංවිධානයකම කට්ටිය (එකා ගානේ) ගන්න වෙනවා. තමන්ගේ එකෙක්ව බේරුවත් අනිකාවනම් මරනවාමයි.
Hafeel Monday, 11 February 2019 08:14 AM
මෙම තනතුරට අයදුම්පත් කැඳවනු ලබන්නේ තෙවැනි වරටයිලු. සමහරවිට මෙදා පාරත් කොව්රු හරි පත් කරගන්න බැරිවුනොත්, මේ ජනාධිපතිට මේකත් එක් හේතුවක් වේවි වැඩේ නොකරන්න. මෙච්චර කල් වැඩේ නොකරන්න ෆ්යිල් නැති කතා කියා හිටියා.
ravi Monday, 11 February 2019 08:32 AM
සමහර රටවල්වල, මේ රාජකාරිය කරන්නේ හමුදාව...! එ්කට යොදාගන්නේ කලුපාට බෑග් එකක් සහ තුවක්කුවක් පමණයි.. පහසුයි, ලාබයි, ඉක්මන්..!
siraj salam Monday, 11 February 2019 08:57 AM
කෝ මේ නාමල් කුමාර,
Uditha - London Monday, 11 February 2019 09:35 AM
නාමල් කුමාර පඩි නැතුව සේවය කරන්න කැමැත්ත පල කලේ මේ ලඟදි දවසක්....
Bamunuarachchi Monday, 11 February 2019 09:52 AM
මමත් ඇප්ලිකේෂන් දැම්මා.. හැබැයි මහබැංකු කොල්ලකාරයෝ පෝලිමේ එල්ලන්න ලැබෙන්නේ නැත්නම් ජොබ් එක බාරගන්නේ නැත. කවුරු නැතත් එක්කෙනෙක් වෙනුවෙන් ජොබ් එක කරන්න ඕනේ....
raviMonday, 11 February 2019 10:14 AM
අපි හිතාගෙන ඉන්නේ, ඔක්කොටම ඉස්සෙල්ලා ඔබතුමාව එල්ලලා දාන්න. දැන් ඉතින් හිටියත් ඇතිනේ..!
BamunuarachchiMonday, 11 February 2019 11:23 AM
මම අර මෑන්ව, අර මහා බැංකු කොල්ලේ නියමුවා, එල්ලුවාට පස්සේ ඕනදෙයක් වුණාට කමක් නැත. හැබැයි උඩ යට මාරු කරගන්න. ඔබ තොණ්ඩුව දාගෙන මට ලීවර් එක අදින්න කියාවිද දන්නේ නැත.
Chanak los angelesTuesday, 12 February 2019 04:24 AM
මුළු ලංකාවම ගොඩගන්න ලැබුණු සුනාමි සල්ලි වලට පිල්ලි ගහපු එක්කෙනාවත් ඔය එල්ලන පෝලිමේ තියාගත්තොත් හොඳයි නේද ?
BamunuarachchiTuesday, 12 February 2019 11:15 AM
මොන කොමිෂමේද කීවේ සුනාමි සල්ලි පිල්ලි ගහපු කෙනෙක් ගැන. අනේ ඒ කොමිෂම ගැන කියන්නකෝ මට කියවන්න.
jagath Monday, 11 February 2019 09:55 AM
මහින්ද හෝ සිරා ඉතා සුදුසුයි..
Buddika Monday, 11 February 2019 10:26 AM
ඔය තමන්ගේ දේශපාලන පක්ෂය තරම් වෙන කිසිවක් හොඳ නැතිබව හිතන ගල් බමුණාව නම් දාන්න එපා.
vipula Monday, 11 February 2019 10:44 AM
මේ ඔක්කොම කරගෙන එල්ලනකොට ජනපතිවරණය කටටම ඇවිල්ලා තියේවි. එතකොට එල්ලන එක කෙසේ වෙතත් හොඳ හොඳ බයිලා අහන්නත් තියේවි...
sirimal Monday, 11 February 2019 11:18 AM
ඇමෙරිකාවේ "හෙරිටේජ් පදනමෙහි" පරිපූරක ප්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබඳ පර්යේෂක ඩේවිඩ් මිල්හවුහාන් සඳහන් කර ඇත්තේ "සමහර අපරාධ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හෝ මරණ පවා ඇතුළුව ඉතා බරපතල දඬුවම් ඉල්ලා සිටියි. ඇත්ත වශයෙන්ම විවිධ සාම්පල සහ සංඛ්‍යානමය ක්‍රම භාවිතා කරමින් මෑතකදී සිදුකළ විමර්ශනවලදී පෙනීගොස් ඇත්තේ මරණ දඬුවම් හා මිනීමැරුම් අනුපාතිකයන් අතර ශක්තිමත් සම්බන්ධතාවක් ඇති බවයි. කෙටියෙන් කිවහොත්, මරණ දඬුවම තුලින් ඇත්ත වශයෙන්ම, ජීවිත බේරාගත හැකිය. මේ අතර "ස්ටාර්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ නීති මහාචාර්යවරයෙකු වන ජෝන් ඩොනෝහියු කියා ඇත්තේ මෙසේය.. "මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තුළින් මිනිස් ඝාතන අනුපාතය අඩු කරන බවට කිසිඳු සාධනීය සංඛ්යාත්මක සාක්ෂි ඉදිරිපත්වී නැත. ඇමෙරිකාවේ, කැනඩාවේ, හොන්කොන් හෝ සිංගප්පූරුවේ සංඛාත විශ්ලේෂණය කිරීමේදී මොනම අපරාධයකට හෝ දඬුවම් ලබාදීමෙන් එම අපරාධයන්හි අඩුවීමක් සිදුවී ඇතිබවක් පෙනෙන්නට නැත.අපරාධ කරුවෙකුහට මරණ දඬුවමෙන් ජීවිතය අවසන් වෙනවාට වඩා ජීවිතාන්තය දක්වා දුෂ්කර හිර දඬුවම් විඳින්නට සිදුවන බව වැටහෙන්නේ නම් බොහෝවිට එම පුද්ගලයින් වරදක් නොකිරීමට පෙළඹෙනු ඇත."
Nihal Monday, 11 February 2019 11:47 AM
පළමුවෙන් කුඩු ගේන ගැහැණු එල්ලලා මැරිය යුතුයි. පාතාලයට පියවරු නැති දරුවන්.. මොවුන් තමයි බිහිකරන්නේ..
Bandula. Monday, 11 February 2019 11:54 AM
ඔය කවි කියකියා ඉන්නකොට පෙරහැර ගිහින්... වැරැද්ද හරි නම් මොකටද තවත් බලාගෙන ඉන්නේ.., එල්ලන්න පුළුවන් නේද? මේකත් පුස්සක් නොවේවා... අපගේ පැතුමයි...!!!
saliya Monday, 11 February 2019 11:59 AM
ජී.එම්.ඕ.ඒ. එකේ නම් අළුගෝසු මූණක් තියෙන හාදයෙක් ඉන්නවා නිතරම කතා කරන... එයා නම් ක්‍රියාවෙනුත් සුදුසුයි.
Buddika Monday, 11 February 2019 12:07 PM
එල්ලා මැරීම් දීර්ඝ කාලීන විසඳුම් නොලැබේවි.. ඒත් එවන් දෙයක් නොකරන තාක්කල් අපරාධකරුවන් අපරාධ කරන්න බය වෙන්නේ නැහැ. ඒ නිසාම අපරාද දිනෙන් දින වැඩිවෙනවා. මොකද මොනවා කළත් නොමරන බව දන්න නිසා.. මේ නිසා අපරාධ අඩු කරන්නට නම් එල්ලා මැරිය යුතුමයි. බැඳුම්කර හොරුන්ට දඬවම් දීමේ බමුණුආරච්චිගේ යෝජනාවට එකඟයි. ඒක හැකිසෑමවිටකදීම දඬුවම් දිය යුතුයි. පළමුව 2004 සිට 2015 දක්වා බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙමු. ඊට පස්සේ 2015 කට්ටියට. එතකොට අළුගෝසු තනතුරට ඔය මනුස්සයාවම දාමු... හොඳයිනේ...
Nandalal DE SILVA - France Monday, 11 February 2019 08:17 PM
"මතට තිත" නොතිබ්බත්, කට වචනෙන් හෝ එය කරපු හිටපු ලොක්කාට බැරිද මේ ජොබ් එක බාර අරගෙන මත්කුඩු කාරයන්ට තිතක් තබන්න? එහෙම නැත්නම්, මාස දෙකකින් උන් එල්ලනවා කියපු අපේ වර්තමාන "වීරයාට" මේ උසස් කාර්යය භාර ගන්න කියා පෙත්සමක් අත්සන් කිරීමේ ව්‍යාපාරයක් පටන් ගනිමුද? දැන් බලාගෙන යනකොට අලුගෝසුවෙක් හොයාගන්න බැරි උනොත් මේ මත්කුඩු සංහාරය කවමදාකවත් අපේ රටින් තුරන් කරන්න බැරි පිළිකාවක් වෙනවා ඇත! අපේ ජනාධිපතිවරයා කලකට ඉස්සර කියපු කතාවක් මට දැන් මතක් වෙනවා.... එයා ඉදිරියේදීම එයාගෙ පරණ ගජයෙක්....
දිලුම් Tuesday, 12 February 2019 03:53 AM
අලුගෝසු තනතුර වගේම මේ රටේ කලුකෝට් දාන කාක්කන්වත් ඉතා යහපත් විනයගරුක හා ආචාර ධර්මයට අනුව තම වෘත්තීය කරන පිරිසක් කර මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතුයි. නැත්නම් ලංකාවේ ඉන්න කාක්කෝ බොරුව ඇත්ත කරන විදියට වැරදිකරුවන් එලියේ ඉද්දි නිවරදි කරුවන් එල්ලිලා ඉදිවි. කෙසේවුවද මේ රටට මරණ දඩුවම අත්‍යාවශ්‍යමයි. ඒකේ කථා දෙකක් නැත. ඒ සඳහා කොන්ද පණතියන එඩිතර නායකයෙකු මූලිකත්වය ගෙන කටයුතු කලයුතුයි. නැත්නම් අපිට තව දශකයන් යන විට ළමා පරපුරක් හෝ ඉන්නට රටක් ඉතුරු නොවේවි.
vidya Wednesday, 13 February 2019 02:05 AM
අළුගෝසු තනතුරට ඕ ලෙවල් , පාරිලිමෙන්තුවට නොලෙවල්. විහිළු වැඩක්